උණුසුම් පුවත්

ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන්

දිවයින පුරා සිදුවන ඩෙංගු මරණවලින් බහුතරයක් කාන්තාවන් වන බැවින් රෝගී තත්ත්වයන් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දී තිබේ.

(0)Comments | July 19, 2026  11:49 am

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.‍

(0)Comments | July 19, 2026  11:11 am

මාරක අනතුරක් - තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පංසල අසල වංගුව ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදියක් ටිපර් රථයක වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 19, 2026  10:49 am

හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් පැමිණෙයි 

කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබේ. 

(0)Comments | July 19, 2026  10:33 am

මාළු අල්ලන්න ගිය පුද්ගලයාගේ මළසිරුර මාළු දැලේ

නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | July 19, 2026  10:18 am

දෙමෝදර ඇතුල්කන්දේ ගින්නෙන් පසු පහළ නිවාසවලට ගල් පෙරළීමේ අවදානමක්

දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ඇතිවූ ගින්නත් සමග එම කන්දට පහලින් ඇති නිවාස කිහිපයකට ගල් පෙරළියාමේ අවදානමක් මතුව ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි.

(0)Comments | July 19, 2026  9:59 am

වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි 

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

(0)Comments | July 19, 2026  9:54 am

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධව නව සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි. 

(0)Comments | July 19, 2026  9:41 am

සැකකටයුතු දෙදෙනෙකු පරීක්ෂාවේදී පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්

පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ.

(0)Comments | July 19, 2026  7:42 am

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

(0)Comments | July 19, 2026  7:24 am

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් හෙරොයින් කිලෝ 2ක් සහ මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 19, 2026  6:43 am

ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 19, 2026  6:27 am

ඉරානය ජෝර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට 

ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | July 18, 2026  11:31 pm

ජාතික යොවුන් බොක්සිං ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයට

2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.

(0)Comments | July 18, 2026  11:17 pm

රජයට අහිමිවන බදු ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

(0)Comments | July 18, 2026  10:21 pm

FIFA පාපන්දු ලෝක කුසලානයේ කතාව 

FIFA පාපන්දු ලෝක කුසලානය කිලෝග්‍රෑම් 6.1ක බරින් යුත් අතර ඉන් කිලෝග්‍රෑම් 5.09ක්ම කැරට් 18 රන්වලින් නිමවා තිබේ.

(0)Comments | July 18, 2026  9:54 pm

අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 18, 2026  9:47 pm

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක් 

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්විය. 

(0)Comments | July 18, 2026  8:35 pm

වසරේ මුල් මාස 6ට වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලින්

වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබේ.

(0)Comments | July 18, 2026  8:28 pm

හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර තිබේ.

(0)Comments | July 18, 2026  7:22 pm

තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක් 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.

(0)Comments | July 18, 2026  6:51 pm

වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්

මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.

(0)Comments | July 18, 2026  5:50 pm

පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ 

පොතුවිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. 

(0)Comments | July 18, 2026  5:32 pm

රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමේ ගබඩා දෙකකට යුක්‍රේන ප්‍රහාරයක්

රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම වන 'Wildberries' (වයිල්ඩ්බෙරීස්) හි ගබඩා දෙකකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

(0)Comments | July 18, 2026  5:14 pm

කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.

(0)Comments | July 18, 2026  4:14 pm