උණුසුම් පුවත්

ගැටලු විසඳන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

(0)Comments | January 17, 2026  1:34 pm

STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 17, 2026  1:16 pm

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක්

ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

(0)Comments | January 17, 2026  12:53 pm

අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ.

(0)Comments | January 17, 2026  12:13 pm

ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

(0)Comments | January 17, 2026  11:55 am

යුරෝපයේ TikTokවලට හඳුන්වා දුන් නව තාක්ෂණය

ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | January 17, 2026  11:19 am

'ඩුබායි ඉෂාර'ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'ඩුබායි ඉෂාර' නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | January 17, 2026  11:12 am

ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් ඇවිත්

2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

(0)Comments | January 17, 2026  10:34 am

අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට

අද (17) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 17, 2026  10:09 am

යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද

සිම්බාබ්වේ හා නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද පැවැත්වේ.

(0)Comments | January 17, 2026  9:41 am

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 17, 2026  8:49 am

ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා මරුට

ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

(0)Comments | January 17, 2026  8:40 am

ආනන්තරීය පාපකර්මයක් සිදුකළ නරුම පුතෙක් අත්අඩංගුවට

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක සිදුවූ පහරදීමකින් දෙදරු පියෙකු මරණයට පත්ව තිබේ.

(0)Comments | January 17, 2026  8:17 am

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

(0)Comments | January 17, 2026  7:18 am

ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට - පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

(0)Comments | January 17, 2026  7:13 am

නවගමුවේ වෙඩිතැබීම සැලසුම්කළ අයෙක් කොටුවෙයි

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.

(0)Comments | January 17, 2026  6:47 am

අද වියළි කාලගුණික තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 17, 2026  6:11 am

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

(0)Comments | January 16, 2026  11:23 pm

ජින්තුපිටියේ වෙඩිතැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවිය.

(0)Comments | January 16, 2026  10:39 pm

ලබාගත් මත්පැන්වලට මුදල් ඉල්ලුවාට කළමනාකරුට බෝතල් ප්‍රහාරයක්

මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක කළමනාකරුට මත්පැන් බෝතලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 16, 2026  10:06 pm

මැගසින් සහ උණ්ඩ තොගයක් සමග යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

(0)Comments | January 16, 2026  9:36 pm

බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවය මැඩපවත්වයි

බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වන සිට පාලනය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසයි.

(0)Comments | January 16, 2026  9:10 pm

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා පත්කිරීමට නියමිතව තිබේ.

(0)Comments | January 16, 2026  8:52 pm

හත් හැවිරිදි පාසල් දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට

වයස අවුරුදු 7ක් වන පාසල් දැරියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | January 16, 2026  8:13 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | January 16, 2026  7:23 pm