ගතවූ පැය 24ට ඩෙංගු මරණ 3ක් - සමස්ත මරණ 53ක් වෙයි

ගතවූ පැය 24ට ඩෙංගු මරණ 3ක් - සමස්ත මරණ 53ක් වෙයි

July 18, 2026   12:45 pm

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇත.

එම වාර්තාවට අනුව ඊයේ (17) වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අතර ජුලි මාසයේ ගෙවුණු දින 17 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100ක් වී ඇත.

තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තාවන ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට රෝගීන් සංඛ්‍යාව 15,596ක් දක්වා ඉහළ ගොස් තිබේ.