
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුමට බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා ප්රතිචාර දක්වා තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර දිසානායක මහතා හමුවීමට ලැබීම තමාට සතුටක් බවය.
වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගත හැකි බව බ්රසීල ජනතාව සිය ජයග්රහණය තුළින් පෙන්වා දුන් බවත් එය විශිෂ්ට ජයග්රහණයක් බවත් අදාළ සටහනින් බ්රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණි.



















































