header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්‍ය කරමින් තීන්දුවක්
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්‍ය කරමින් තීන්දුවක්
Mobitel 1278

සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවම් නියම වී සිටි මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තෙකු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය බලශූන්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණය විසින් නියම කර තිබෙන දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර බලධාරීන්ට බලය තිබෙන බව තීන්දුවේ සඳහන් කර ඇත.

මෙසේ නිදහස් කෙරුණු පුද්ගලයාගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව, ආචාර්ය සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

පෙත්සම්කාරිය පවසා ඇත්තේ, 2005 වසරේ අප්‍රේල් මස 23 වනදා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ තමා වග උත්තරකරු සමග විවාහ වූ බවය.

දරුවන් තුන්දෙනෙකු එම විවාහයෙන් උපත ලැබූ බව කියා සිටි පෙත්සන්කාරිය, එම විවාහය අවසන් කිරීමෙන් පසුව නැගෙනහිර කොළඹ ක්වාසි අධිකරණයෙන් 2022 වසරේ ජූනි 11 වනදා රුපියල් 60,000ක මුදලක් නඩත්තු වශයෙන් ගෙවන ලෙස වගඋත්තරකරුට නියෝග කළ බවත් සඳහන් පවසා තිබේ.

එහෙත් දිගින් දිගටම වගඋත්තරකරු විසින් එම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1,740,000ක (මිලියන 1.7) හිඟ නඩත්තු ගෙවන ලෙස නියෝගයක් නිකුත් කළ බවත් ඇය සඳහන් කර ඇත.

ඉන්පසුව නඩත්තු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු වගඋත්තරකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 29ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඉන් අනතුරුව 2024 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පොදු සමාව යටතේ වගඋත්තරකරු 2024 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා නිදහස් කෙරනු ලැබූ බවත් තීන්දුවේ සඳහන් විය.

මෙසේ නිදහස් කරන අවස්ථාව වන වගඋත්තරකරු තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමින් මාස 2ක් පමණක් ගෙවා තිබූ බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ වගඋත්තරකරුට සමාව ප්‍රදානය කිරීම අත්තනෝමතික මෙන්ම අසාධාරණ බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය.

මෙවැනි සමාවක් ප්‍රදානය කිරීමට පෙර තමන්ගෙන් කරුණු විමසීමක් සිදුකර නොමැති බවත් පෙත්සංකාරිය චෝදනා කරයි.

එහෙත් නිදහස ලැබූ වගඋත්තරකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමන්ට ලබාදී තිබෙන පොදුසමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) අ ව්‍යවස්ථාව යටතේ ලබා දුන් සමාවක් නොව 34(1) ඈ ව්‍යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් බවය.

එහෙත් මෙලෙසම නඩත්තු නොගෙවීම මත සිරගත වී සිටි තවත් සිරකරුවකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නමැත්තා නිදහස් කිරීමක් සිදුවී නොමැති, අතර ඔහුගේ සිර දඬුවම් කාලය සතියකින් පමණ අඩු කිරීම පමණක් අඩුකර ඇති ආකාරය පෙනී යන බවත් තීන්දුවේ සඳහන්ය.

ඒ අනුව මෙම පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය තුළ අසමානතාවයක් නිරීක්ෂණය වන බවත් අධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශකර ඇත.

වගඋත්තරකරු පොදු සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගැනීම තුළින් හිටපු ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්, හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් සමානාත්මතාවය සහ නීතියේ ආරක්ෂාව උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරු සිය තීන්දුවේ සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ වගඋත්තරකරුට ප්‍රදානය කර ඇති සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බව තීන්දුවේ සඳහන්ය.

නිදහස් කරන ලද වගඋත්තරකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් පමුණුවන ලද දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා නීතියට අනුකූලව සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයාට නියම කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්