
හොරණ ප්රධාන පෙළේ ජාතික පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් හොරණ පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකරමින් සිටියදී, ඔහුගේ මරණයේ සිරුර මොරටුව වෙරළේ තිබී හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීවනපලාන දඹර ප්රදේශයේ පදිංචි මියුරු නිම්සර නැමැති සිසුවෙකි.
මෙවර අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔහු සෞන්දර්ය විෂය ධාරාවෙන් ඉදිරි අධ්යාපන කටයුතු කිරීමට සූදානමින් සිටි අයෙකි.
අදාළ සිසුවා ඊයේ (25) දින සිට නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් ඔහු පැමිණෙන තුරු අපේක්ෂාවෙන් සිට අද දහවල් කාලයේදී හොරණ පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකවෙමින් තිබියදී, සිසුවාගේ සිරුර මොරටුව වෙරළ ප්රදේශයේ තිබී සොයාගත් බවට හොරණ පොලීසියට තොරතුරු ලැබී ඇත.
කෙසේ වෙතත්, සිසුවා මොරටුව වෙරළට ගියේ කුමන හේතුවක් මතද යන්න හෝ මෙම මරණය සිදුවූ ආකාරය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.



















































