
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවය.
මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති අතර, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) සිදුකිරීමට නියමිතව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.
ඊයේ (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී, පොලීසිය විසින් ඔහුට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි.
පසුව ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,




















































