උණුසුම් පුවත්

ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේකෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවෙන් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

(0)Comments | December 2, 2025  2:17 pm

සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී - දරු දෙදෙනා සොයා මෙහෙයුම්

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

(0)Comments | December 2, 2025  2:13 pm

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | December 2, 2025  2:04 pm

ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

(0)Comments | December 2, 2025  1:40 pm

හානිවූ ගොවි බිම්වලට කඩිනමින් වන්දි ලබා දීමට පියවර

දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට  කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

(0)Comments | December 2, 2025  1:32 pm

අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.

(0)Comments | December 2, 2025  1:17 pm

ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන දින පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව තිබේ.

(0)Comments | December 2, 2025  12:45 pm

විපතට පත්වූවන් වෙනුවෙන් රුසියානු ජනපති පුටින්ගේ ශෝකය

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ.

(0)Comments | December 2, 2025  12:17 pm

ගංවතුරේ සිරවී සිටි විදේශිකයින් 21 දෙනෙක් බේරාගනී

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන තිබේ.

(0)Comments | December 2, 2025  11:42 am

ආපදා මරණ 400 ඉක්මවයි - 336ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 2, 2025  11:22 am

හිටපු ඇමති සී. බී. රත්නායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබේ.

(0)Comments | December 2, 2025  11:13 am

පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

(0)Comments | December 2, 2025  11:07 am

විපතටපත් ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.

(0)Comments | December 2, 2025  10:20 am

කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්

පසුගිය දා කඳපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.

(0)Comments | December 2, 2025  10:10 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ.

(0)Comments | December 2, 2025  9:21 am

පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

(0)Comments | December 2, 2025  9:10 am

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ.

(0)Comments | December 2, 2025  8:54 am

විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | December 2, 2025  8:23 am

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 2, 2025  7:26 am

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්සට

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අඹේපුස්සට දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 2, 2025  6:59 am

විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

‍විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ.

(0)Comments | December 2, 2025  6:53 am

උතුරට දකුණට වැසි - ප්‍රදේශ කිහිපයකට සවස 2න් පස්සේ ගිගුරුම් සහිත වැසි

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

(0)Comments | December 2, 2025  6:15 am

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

(0)Comments | December 1, 2025  10:22 pm

චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | December 1, 2025  10:12 pm

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. 

(0)Comments | December 1, 2025  9:53 pm