සෑම වසරකම අකුණුවලට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් බිලි වෙයි 

සෑම වසරකම අකුණුවලට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් බිලි වෙයි 

July 17, 2026   01:00 pm

මෙරට සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 50කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ අකුණු ආරක්ෂණය පිළිබඳව ඇති අවම අවධානය හේතුවෙන් තවත් පුද්ගලයින් විශාල පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් තුවාල ලබන බවය.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගත් බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය. 

ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ පැවති වැඩමුලුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ බව කියා සිටියේය.