උණුසුම් පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් - ඇමතුම් ලැබී ඇත්නම් පැමිණිලි කරන්නැයි දන්වයි
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා තිබේ.
ඩෙංගු මරණ 50යි - සමස්ත රෝගීන් 73,000 ඉක්මවයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් සීමාව පිළිබඳ නව නියෝගයක්
සැකසූ දියර කිරි සඳහා ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සම්බන්ධයෙන් නව නියාමනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී
හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
අත්බෝම්බ 02ක් සහ ජීව පතරොම් සමඟ පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සමඟ සැකකරුවෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇප් කුලී රථ රියදුරාගේ ඝාතනයේ තවත් තොරතුරු
හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගත් පුද්ගල මළ සිරුර, ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
ගොඩගම - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් සහ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක් අද අලුයම මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණි.
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (17) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
කඩුවෙල නවගමුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.
SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් 8 සිට තහනම්
SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.
පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන එල්ල කරමින්, ඔහු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබේ.
ඉන්දියන් සාගර සියවසේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
“ඉන්දියන් සාගර සියවස” ලෙස හැඳින්වෙන නව ගෝලීය යුගයේ ප්‍රධාන ආර්ථික හා උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
නවගමුවේ වෙඩිතැබීමක්
නවගමුව, වඳුරම්මුල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
සබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ
වෙළෙඳපොළේ ඇති සබන් වර්ග කිහිපයක් ආනයනය කිරීම, නිෂ්පාදනය ඇතුළු තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.
ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමෙන් ඇරඹේ
රුහුණු මහා කතරගම දේවාලයේ 2026 පෙරහැර මංගල්‍යයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය "ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030" (Plastic Free Sacred Zone - 2030) වැඩසටහන ආරම්භ කර තිබේ.
සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක් - සම්පූර්ණ විස්තරය
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
දෙමළ භාෂිත පක්ෂ හයක එකතුවීම සුබවාදී බව විග්නේෂ්වරන් කියයි
දෙමළ භාෂිත දේශපාලන හයක ඒකාබද්ධවීම සුබවාදී ලක්ෂණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් තේසිය කුට්ටනිහි නායක සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.
මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි මොරටුව සරසවියේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (16) යළි කැඳවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිවයිනේ නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.
කටුනායකදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරුට රැඳවුම් නියෝග
කටුනායක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය උදුරාගෙන වෙඩිතබා පලාගිය සැකකරු ලබන 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ දිසා අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 28දෙනෙකු නාවික හමුදා භාරයට
දේශීය ජල තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 28දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.