උණුසුම් පුවත්

විමල් වීරවංශට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.

(0)Comments | December 3, 2025  10:57 am

ආපදා මරණ 474ක් - 356ක් අතුරුදන් - වැඩිම මරණ මහනුවරින්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 3, 2025  10:50 am

පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා - අටමස්ථානාධිපති නාහිමි

දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | December 3, 2025  10:40 am

ඉන්දීය වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට

ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

(0)Comments | December 3, 2025  10:37 am

ජල සැපයුම ගැන නිවේදනයක්

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | December 3, 2025  10:17 am

ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය.

(0)Comments | December 3, 2025  10:02 am

නයාරු පාලමේ තාවකාලික අලුත්වැඩියා කටයුතු අරඹයි

ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ අලුත්වැඩියා කටයුතු යුද හමුදා භට පිරිස් එකතුවෙන් මේ වන විට ආරම්භ කර තිබේ.

(0)Comments | December 3, 2025  9:57 am

විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමක් වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවිය.

(0)Comments | December 3, 2025  9:33 am

අයවැය විවාදය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ කර තිබේ.

(0)Comments | December 3, 2025  9:01 am

ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඇපල් සමාගමෙන් සහාය

ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව තිබේ.

(0)Comments | December 3, 2025  8:50 am

2026ට අවශ්‍ය ලිට්‍රෝ ගෑස් ගැන තීරණයක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2026 වර්ෂය සඳහා අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2024හි විධිවිධාන පරිදි ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික හා මූල්‍ය ලංසු කැඳවා තිබේ.

(0)Comments | December 3, 2025  8:43 am

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | December 3, 2025  8:07 am

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ

පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | December 3, 2025  7:51 am

කඩුවෙල - බත්තරමුල්ල මාර්ගය යළි ඇරෙයි

පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.

(0)Comments | December 3, 2025  7:23 am

ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. 

(0)Comments | December 3, 2025  7:03 am

පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරයට අලුත් නමක්

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ.

(0)Comments | December 3, 2025  6:51 am

හදිසි ආධාර රැගත් තවත් UAE ගුවන් යානා දෙකක් දිවයිනට

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා වී තිබේ.

(0)Comments | December 3, 2025  6:30 am

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 3, 2025  6:03 am

ආපදා තත්ත්වයෙන් පසු ගමනාගමනය සඳහා විවෘතව ඇති මාර්ග මෙන්න

අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත ගමනාගමනය අඩාල තිබූ නමුත්, ගමනාගමනය සඳහා විවෘතව ඇති මාර්ග සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | December 2, 2025  11:06 pm

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | December 2, 2025  10:33 pm

ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට

ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින අතර හදිසි සහන කණ්ඩායම් යෙදවීමටද පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

(0)Comments | December 2, 2025  10:16 pm

රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

(0)Comments | December 2, 2025  9:59 pm

බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී

කිලෝග්‍රෑම් 4කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

(0)Comments | December 2, 2025  9:24 pm

දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | December 2, 2025  8:57 pm

ආපදා මරණ 465 දක්වා ඉහළට 

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 2, 2025  7:22 pm