උණුසුම් පුවත්
රාජ්‍ය සේවයටත් AI එයි - දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16 සහ 23 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
මිනුවන්ගොඩ පස් දිලීප ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබේ.
අතුරුදන් කිරීම් ගැන නව පැමිණිලි නැහැ
අතුරුදන් වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳව නව පැමිණිළි කිසිවක් පසුගිය වර්ෂය තුළ ලැබී නොමැති බව අතුරුදන් වූවන්ගේ කාර්යාලය පවසයි.
ඝාතනය වූ හිටපු ප්‍රා.ස. මන්ත්‍රීගේ දේහය නිවසට - සැකකරුවන් අධිකරණයට
මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජපන් රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ ගල්කිස්සේ කත පලා ගිහින්
ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ තොරතුරු ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.
විපක්ෂයම එකතුවෙන විශේෂ සාකච්ඡාවක් හෙට
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
හද සසල කළ සීදුවේ ඝාතනය
සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
බස්වලට AI එයි
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.
මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්
හෙලිකොප්ටර් යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට තමා සැක කරන අතර ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් ජනපතිව හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්වුණි.
ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා' නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.
ජනපති සහ වියට්නාම රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති, සමුද්‍රිය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
නිවසක් අසල පඳුරක් යට සඟවා තිබූ උණ්ඩ 45ක් සොයාගනී
වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී තිබේ.
ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.
රුපියල් 200ක අල්ලසක් ගත් වේලා සටහන්කරුවෙකු අත්අඩංගුවට
බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙස් විදෙස් සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව
ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම සැබෑ ලෙස විඳගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ.
පුංචි දියණියට මරු කැඳවූ රිය අනතුර
සීගිරියම දිගම්පතහා මාර්ගයේ යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරින් එහි ගමන්ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නමට අනුමැතිය
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ජාත්‍යන්තර තොරතුරු අනුවත් ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ - නලින්ද
ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී මරුට
අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.