header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
උසස් පෙළ කල් දාන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 23 වෙනිදා
Jul 16, 202612:40 PM
උසස් පෙළ කල් දාන්නැයි ඉල්ලූ පෙත්සමේ නියෝගය 23 වෙනිදා
Mobitel 1278

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම වසරේ පළමුවරට හා දෙවනවරට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අද (16) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුවිය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවය.

දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය යටතේ දැනට සැලසුම් කර ඇති පරිදි එළඹෙන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව නීතිඥවරයා කියා සිටියේය.

එම නිසා අදාළ විභාගය මාස දෙකකින් කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් දැනට ප්‍රකාශයට පත් කර තිබෙන අපොස උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර තිබෙන කාල සටහන බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවය.

ඉන් නව දෙනකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80 ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසැල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2 ක් ලෙස බවත් ඔහු පැවසීය.

තවත් පෙත්සම්කරුවන් කීපදෙනෙකු පාසල් පැමිණීම වාර්තා කර තිබෙන්නේ සියයට 50, 53 යනාදී සීමාවන්වලයැයි පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවලට පවා සහභාගි වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයක් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා කියාසිටියේය.

ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියම කළේ, මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද? නැත්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති, එම අමාත්‍යාංශයේ ලේකම්, විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..