උණුසුම් පුවත්
නිට්ටඹුවෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
නිට්ටඹුව - රණවිරුගම හන්දිය අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
බිරිඳ ඝාතනය කළ බව කියන සැමියා සොයා විමර්ශන
සිය බිරිඳ ඝාතනය කරන පලා ගිය බව කියන සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තැන තැන සිදුවන මාරක අනතුරු
දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදු වූ අනතුරුවලින් කාන්තාවකට හා පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබේ.
ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉවත්වන්නැයි ඊශ්‍රායලය දන්වයි
ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී තිබේ.
නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
පුදුකුඩිඉරිප්පු - උඩයාකට්ටු වැව අසලදී නීති විරෝධී මත්පැන් ලීටර් 100 (බෝතල් 135)ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම
ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේදී පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොළඹ වරාය නගර මුහුදු තීරයේ මළ සිරුරක්
කොළඹ වරාය නගර මුහුදු තීරයේ තිබියදී පිරිමි මෘත ශරීරයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
යුද ගිනි දැල් ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවාත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් නැවත උත්සන්න වී තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 13, 416ක්
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානයෙන් ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ ජෙරුසලමට බටහිරින් පිහිටි ප්‍රදේශයකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මැදින් පුර පසළොස්වක පොහොය අදයි
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.
ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග ප්‍රශ්නයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමටත් බලපෑම්
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කර ආපසු සිය රටට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින සිම්බාබ්වේ කණ්ඩායමේ ගුවන්ගමන මේ වනවිට ප්‍රමාද වී තිබේ.
ගල්ෆ් කලාපයේ තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර
ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
ඉරාන නව නායකයින් සමග සාකච්ඡා කිරීමට ට්‍රම්ප් සැරසෙයි
අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු පත්කළ නව නායකයින්ට තමන් සමග සාකච්ඡා පැවැත්වීමට අවශ්‍යව ඇති බවත්, ඊට තමන්ද එකඟ වූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා - ලංකා IOC සමාගමෙන් නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවට ලංකා IOC සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
UAE රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙක්ට සුළු තුවාල
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බව වාර්තා වේ.
ඉරාන හිටපු ජනපති මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝක තෙල් මිල 10% කින් ඉහළට - බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාමේ අවදානමක්
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
ඉරානය සමඟ පවතින යුද ගැටුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට
ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ හමුදා මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව තහවුරු කර තිබේ.
මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.
නව උත්තරීතර නායකයෙකු දිනක් හෝ දෙකක් ඇතුළත පත් කරගන්නා බව ඉරානය පවසයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව නායකයෙකු ඉදිරි දිනක් දෙකක් ඇතුළත තෝරා පත් කර ගනු ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසයි.
ඉරාන ප්‍රතිප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිදෙනෙකු මරුට
ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිල වශයෙන් නිවේදනය කර තිබේ.