header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
Jul 16, 202606:17 AM
එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
Mobitel 1278

එංගලන්තය සමඟ ඊයේ (15) පැවති තියුණු තරගයෙන් ගෝල 2-1 ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් විය.

ලියොනොල් මෙසීගේ සුවිශේෂී දස්කම් සහ ලුටාරෝ මාර්ටිනස් තරගයේ 92 වැනි මිනිත්තුවේදී ලබාගත් ජයග්‍රාහී ගෝලය හේතුවෙන් මෙම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූ අතර, ඒ සමඟින් යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටද ආර්ජන්ටිනාවට අවස්ථාව හිමි විය.

ඇට්ලන්ටා හි ප්‍රේක්ෂකයින් 68,239 ක් ඉදිරියේ පැවැති මෙම අර්ධ අවසන් පූර්ව තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයත් සමඟ එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

ඒ අනුව 1966 න් පසු තම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තයට කදිම අවස්ථාවක් උදා වී තිබුණි.

නමුත් දෙරට අතර පවතින දීර්ඝකාලීන පාපන්දු තරගකාරිත්වය ලෝක කුසලාන ඉතිහාසයේ තවත් එක් අමතක නොවන තරගයක් බවට පත් කරමින්, ආර්ජන්ටිනාව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ එංගලන්තයට එල්ල කළ ද්විත්ව ප්‍රහාරය ඉතිහාසයට එක්වනු ඇත.

තරගයේ 85 වැනි මිනිත්තුවේදී මෙසීගෙන් ලැබුණු දක්ෂ පන්දු යොමු කිරීමක් මඟින් එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් සම ලකුණු ගෝලය වාර්තා කළේය.

ඉන් නොනැවතුණු ආර්ජන්ටිනාව, තරගයේ අතිරේක කාලය ආසන්න වෙමින් තිබියදී, නැවතත් ක්‍රියාත්මක වූ මෙසී ලබා දුන් දක්ෂ පන්දු යොමු කිරීමකින් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ලුටාරෝ මාර්ටිනස් හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

ඒ වන විට තරගයේ අතිරේක මිනිත්තු 2ක ගතවෙමින් තිබුණි.

මෙය 1986 දී ඩියේගෝ මැරඩෝනා එංගලන්තයට එරෙහිව දැක්වූ සුපිරි දස්කම්වලට සමාන නොවුණත්, මෙම ගෝල ද්විත්වය මඟින් ආර්ජන්ටිනාව පරාජයේ අද්දර සිට නැවත ජීවය ලබා ගත් අතර, පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමේ ඔවුන්ගේ සිහිනය ඉදිරියට ගෙනයාමට සමත් විය.

1962 දී බ්‍රසීලයෙන් පසු කිසිදු කණ්ඩායමක් පිට පිට ලෝක කුසලාන ශූරතාව රැකගෙන නොමැති අතර, මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක කැෆූට පසුව ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ක්‍රීඩා කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට මෙසීට අවස්ථාව හිමිවේ.

කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා නිව් ජර්සි හි MetLife ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

39 වැනි වියේ පසුවන මෙසී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට මෙතරම් කාලයක් බලා සිටි අතර, ඔහු නිල තරගයකදී ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙය වේ.

2022 වසරේ කටාර්හිදී ආර්ජන්ටිනාව ලෝක ශූරයන් කරා මෙහෙයවීමත් සමඟ ඔහුගේ පාපන්දු ජීවිතය සම්පූර්ණ වූ බව පෙනෙන්නට තිබුණද, ඔහු තවමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටින බව මෙයින් සනාථ වේ.

කෙසේ වෙතත්, තෝමස් ටුචෙල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට මෙවර විශාල පසුතැවීමකට මුහුණ දීමට සිදුව ඇත. ඔවුන්ට දැන් සිදුව ඇත්තේ සෙනසුරාදා මියාමි හිදී ප්‍රංශය සමඟ තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ක්‍රීඩා කිරීමටය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..