උණුසුම් පුවත්

මෙරට මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” යන මාතෘකාව යටතේ තම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ.

(0)Comments | August 12, 2025  12:24 pm

ඔබට බලය දෙන්න තමා අපි පුටුවේ අසුන් ගත්තේ - ජනපතිගෙන් තරුණයින්ට ආරාධනාවක්

වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිකළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයින් බිහිවිය යුතු නැතැයි ද ජනාධිපතිවරයා පවසයි.

(0)Comments | August 12, 2025  11:52 am

හොරණ නගර සභාව දින 14කට කල් තබයි

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී ඇති බවද වාර්තා වේ.

(0)Comments | August 12, 2025  11:22 am

උසස් පෙළ සිසුවියගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි

වවුනියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්තියක් අසල තිබූ ළිඳක් තුළ තිබී උසස් පෙළ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

(0)Comments | August 12, 2025  11:02 am

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද 

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

(0)Comments | August 12, 2025  10:38 am

ජාතික තරුණ සමුළුව ඇරඹෙයි

2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ.

(0)Comments | August 12, 2025  10:27 am

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගත් මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

(0)Comments | August 12, 2025  9:38 am

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 12, 2025  8:37 am

පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දෙපොළ මරුට

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 12, 2025  8:10 am

රුසියාව අල්ලාගත් යුක්‍රේන භූමිය නැවත ලබා දීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

(0)Comments | August 12, 2025  8:01 am

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්

‍අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(0)Comments | August 12, 2025  7:27 am

ණය ගෙවා අවසන් වනතුරු ඉන්ධන සඳහා බදු අඩු කළ නොහැකියි  බලශක්ති ඇමති

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරනතුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

(0)Comments | August 12, 2025  7:14 am

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 12, 2025  6:24 am

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 12, 2025  6:08 am

මින්නේරිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 26ක් රෝහලට

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | August 12, 2025  6:03 am

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(0)Comments | August 11, 2025  10:03 pm

මාස 8ක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ.

(0)Comments | August 11, 2025  9:17 pm

ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයේ තැබීමට නියෝග

විල්පත්තුව මායිමේ පිහිටි අරුවක්කාඩුවේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවන තුරු එම ස්ථානය පොලිස් භාරයේ තබා ගන්නා ලෙස පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා අද (11) නියෝග කළේය.

(0)Comments | August 11, 2025  8:05 pm

කෝටි ගාණක රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 11, 2025  7:23 pm

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය දයා ලංකාපුරට

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා ලංකාපුර මහතා පත් කර තිබේ. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

(0)Comments | August 11, 2025  7:11 pm

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන 14 වැනිදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

(0)Comments | August 11, 2025  6:52 pm

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් කැඳවීම හෙට සිට

2024 (2025) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

(0)Comments | August 11, 2025  6:21 pm

සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉකුත්දා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දුන්නා.

(0)Comments | August 11, 2025  5:46 pm

රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

(0)Comments | August 11, 2025  5:32 pm

විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 975ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 11, 2025  5:23 pm