උණුසුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 8, 2025  8:18 am

වැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට මිලියනයක දඩයක්

වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | December 8, 2025  8:01 am

දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යාපනය, පන්නෙයි ප්‍රදේශයේදී කලපුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | December 8, 2025  7:51 am

''ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් '1926' අමතන්න''

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.

(0)Comments | December 8, 2025  7:26 am

ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 8, 2025  6:45 am

ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 8, 2025  6:25 am

ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ.

(0)Comments | December 8, 2025  12:05 am

මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්  අද (7) මුද්‍රා තබන ලදී. 

(0)Comments | December 7, 2025  10:39 pm

ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක් කොළඹ වරායට

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබා දෙන ද්‍රව්‍යමය ආධාර තොගයක්  අද (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හි දී  භාරගෙන තිබුණි.

(0)Comments | December 7, 2025  9:44 pm

අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට

අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් 9 තුළ පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක් කුමන ආකාරයකින් ආපදාවට ලක්ව ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

(0)Comments | December 7, 2025  8:44 pm

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට සිට පැය 24 පුරාම විවෘතයි

කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | December 7, 2025  8:05 pm

ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීමට IMF ධනාත්මක පිළිතුරක් දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබේ.

මෙම හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ (EFF) අරමුදල් පහසුකම යටතේ ලබාදෙන ණය පහසුකමට අමතරව ලබා දෙන මූල්‍ය පහසුකමක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

(0)Comments | December 7, 2025  7:27 pm

නුවරඑළියට පිවිසිය හැකි මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට

නුවරඑළියේ පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි.

(0)Comments | December 7, 2025  7:20 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 09වන ආධාර තොගයත් රැගෙන එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ආපදා ආධාර වශයෙන් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (07) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

(0)Comments | December 7, 2025  6:47 pm

බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවකින් අධිකාරීවරයෙකුට තුවාල

බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | December 7, 2025  6:26 pm

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පෙරවරුවේ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

(0)Comments | December 7, 2025  6:20 pm

දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | December 7, 2025  5:49 pm

පේරාදෙණියේ කළු පාලම ගැන ගත් තීරණය

පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 7, 2025  5:40 pm

ඉදිරි පැය 36දී කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

ඉදිරි පැය 36 දී උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 7, 2025  5:25 pm

කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

නීති විරෝධීව ගුවන් මඟින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 582ක් සමඟ සැකකාරියක් හා එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | December 7, 2025  4:30 pm

අමෙරිකානු 'C-130J' සුපර් හර්කියුලිස් යානා 2ක් කටුනායකට

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ සුපර් හර්කියුලීස් ගුවන් යානා 2ක් අද පැමිණියේය.

(0)Comments | December 7, 2025  4:00 pm

ලක්වාසී ජනතාවට සෙත්පතා කිරිවෙහෙරේ දී සර්වරාත්‍රික පිරිත් දේශනාවක්

ඓතිහාසික කිරිවෙහෙර අභියසදී ඊයේ (06) රාත්‍රියේ සිට රැය පහන්වන තුරු සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පවත්වා තිබේ.

(0)Comments | December 7, 2025  3:30 pm

හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

(0)Comments | December 7, 2025  3:17 pm

ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළඳපොලට සැපයීමේ ජාවාරමක්

ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

(0)Comments | December 7, 2025  2:52 pm

ආදරය අරගෙන නාමල් හම්බන්තොටට

දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ "ආදරය"  වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි.

(0)Comments | December 7, 2025  2:16 pm