උණුසුම් පුවත්
ලෝක තෙල් මිල මාසයක් තුළ ඉහළම සීමාවට
අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ.
වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ඇරඹේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද (15) දින සිට ආරම්භ වීමට නියමිතය.
තැන තැන හමුවෙන මළ සිරුරු
ගලේවෙලින් සහ දැරණියගලින් මෘත ශරීර දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.
හෝමුස් යළිත් යුද පිටියක් වෙයි : අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබේ.
අදත් වියළි කාලගුණයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
හෝමුස් සඳහා සියයට 20 නැව් ගාස්තු යෝජනාව ට්‍රම්ප් හකුලා ගනී
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට සියයට 20ක ගාස්තුවක් පැනවීමේ සැලැස්ම අත්හැරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී කරුණු රැසක් හෙළිවෙයි
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.
අගමැතිනිය කටාර් බලා පිටත්ව යයි
අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට තාවකාලික ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබේ.
මීගමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි - කටුවැල්ලේගම සුරේෂ්ගෙන් බන්ධනාගාර නිලධාරියෙකුටත් තර්ජන
පසුගියදා ගැටුම් ඇතිවූ මීගමුව බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් විමර්ශනවලදී සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) අනාවරණ කළේය.
විගණනයෙන් හෙළි වූ පසුගිය කාලයේ ජල සම්පාදනයේ වැඩ
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර පසුගිය 2024 වර්ෂය වන විට වසර 49ක් ඉක්මවා තිබුණද එහි ප්‍රධාන ආදායම් මාර්ගය වන ජල ගාස්තු කාලානූරුපව සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කර නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.
ඉන්දීයානුවන්ගේ 'Destination Wedding'වල ප්‍රමුඛතම තේරීමක් ලෙස ලංකාව ඉදිරියට
විවාහ වීමට සූදානමින් සිටින ඉන්දීයානුවන් සිය විවාහ මංගල්‍යයන් විදේශ රටවල පැවැත්වීම සඳහා තෝරාගන්නා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉතා වේගයෙන්...
ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
අභාවප්‍රාප්ත වූ කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියේය.
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුව ජූලි 21 සිට 24 දක්වා රැස් වෙයි
ජූලි 21 සිට 24 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.
මාරක අනතුරක් - පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
A9 මාර්ගයේ මැදවච්චිය, වහමලු ගොල්ලෑව ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්
ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නවීකරණය කරමින් එය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා වූ "ජාතික ඩිජිටල් ද්වාරය" (National Digital Portal) අද (14) නිල වශයෙන් ජනගත කෙරිණි.
ප්‍රභූන් 11කට ප්‍රභූ ආරක්ෂාව දීලාද - ඇමති නලින්දගෙන් පිළිතුරු
ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැහැදිලි කිරීමක් සිදු කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිවාසගත දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.
ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL පිටියට
පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.
අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්
දෙනියාය මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.