කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි

July 14, 2026   04:42 pm

අභාවප්‍රාප්ත වූ කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි  මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියේය.

එහිදී ඒ මහතා කටාර් තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි සමරු සටහනක් තබමින්, ශ්‍රී ලංකා ජනතාව සහ සර්වජන බලය පක්ෂය වෙනුවෙන් සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා, රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාවය සහ දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය පිළිබඳව ද විශේෂයෙන් සිහිපත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සර්වජන බලය මාධ්‍ය ලේකම් මෙන්ම සර්වජන බලය මුස්ලිම් සහයෝගීතාවයේ ජාතික කැඳවුම්කරු වන හසන් අලාල්දීන් මහතා ද සහභාගි වී සිටියේය.