header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්
Jul 14, 202603:03 PM
අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්
Mobitel 1278

දෙනියාය මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අත්සන් තැබීමේ උත්සවය පැවැත්වුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

වත්මන් දෙනියාය රෝහල පිහිටා ඇති ස්ථානය නිතර නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවලට ලක්වන බැවින්, පූර්ව ආපදා සූදානමක පියවරක් ලෙස රෝහල ආරක්ෂිත වෙනත් ස්ථානයක අලුතින් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

එලෙස අලුතින් ඉදිවන දෙනියාය රෝහල නවීන වෛද්‍ය උපකරණවලින් සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබා දීමට මෙම ගිවිසුම යටතේ එකඟ වී ඇත.

නව රෝහල ඉදිකර අවසන් කිරීමට වසර තුනක කාලයක් අපේක්ෂා කරන අතර, එහි ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරට සමගාමීව මෙම උපකරණ සැපයීමට සහ ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජයේ එක් කොටසකි.

මෙම ප්‍රදානය යටතේ රෝහලේ සාමාන්‍ය වාට්ටු, දැඩි සත්කාර ඒකක , හදිසි අනතුරු සහ හුදකලා ඒකක, ශල්‍යාගාර, බාහිර රෝගී අංශය , රසායනාගාර, මධ්‍යම විෂබීජහරණ අංශය , විකිරණවේද අංශය, ලේ බැංකුව, භෞතචිකිත්සක ඒකකය සහ ළදරු දැඩි සත්කාර ඒකකය ඇතුළු අංශ රැසකට නවීනතම වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana