උණුසුම් පුවත්
හෝමූස් සමුද්‍ර සන්දිය හරහා ඉන්ධන නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවයි
කලාපයේ ප්‍රහාර මධ්‍යයේ ඇතැම් තෙල් සහ වෙළෙඳ සමාගම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවා තිබේ.
ලුණුගම්වෙහෙර ජලාශයේ දී ඔරුවක් පෙරළෙයි - දෙදෙනෙකු අතුරුදන්
ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළීයාමෙන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්
හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේ දී වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මැද පෙරදිග යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි
මැද පෙරදිග කලාපය ආශ්‍රිත ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල, ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර
ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපකට මේ වනවිට ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට
හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ Lion's Roar මෙහෙයුම
මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය තවත් උත්සන්න කරමින් අමෙරිකා එක්සත් ජනපදයේද සහයෝගය ඇතිව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඉරානය ඊශ්‍රායලයටත් ප්‍රතිප්‍රහාර එල්ලකිරීම අරඹයි
ඉරානය විසින් ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය තහවුරු කළේය.
දරුවන් සෑදීමේ උනන්දුව තරුණ ප්‍රජාවගෙන් ගිලිහෙයි - 60ට වැඩි ජනගහනය වැඩි වීමක්
මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.
ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරාකය ගුවන් අවකාශය වසා දමයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.
ගල්අඟුරු මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් හදිසි මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම ටෙන්ඩර් කැඳවා තිබේ.
රු.කෝටි 50ක මත්ද්‍රව්‍ය තොගය සමග හසුවූ සැකකරුවන් අතර හිටපු බුද්ධි නිලධාරියෙකුත්
රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඊයේ (27) අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ද සිටින බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.
ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මීට සුළු මොහොතකට පෙර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.
බොලිවියාවේ මුදල් නෝට්ටු රැගෙන ගිය ගුවන්යානයකට අනතුරක්
බොලිවියාවේ මුදල් නෝට්ටු රැගෙන ගමන්ගත් ගුවන්යානයක් අනතුරකට ලක්ව තිබේ.
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
සාලියපුර - තෙප්පම්කුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු දැලේ
රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.
ඊශ්‍රායලයේ සිටින අමෙරිකානුවන්ට දැනුම්දීමක්
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එක් නොවන්නේ නම්, ඉරානයට පහර දෙන බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය.
යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි
වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.
රු. කෝටි 50කට අධික මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෙරටක හදවත් යා කරන කච්චතිව් දූපතේ අසිරිමත් මංගල්‍යය
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී අද (28) පැවැත්වෙයි.
රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.
දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණයවීමට මෙම තරගය අතිශතය තීරණාත්මක වී ඇත.
ජින්තුපිටියේ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජින්තුපිටියේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.