උණුසුම් පුවත්
ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 23ක් මරුට
ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.
ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි.
අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 ඉක්මවයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය.
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩංගු ටොන් 5ක ගබඩාවක් වටලයි
විවිධ වර්ගයේ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ටොන් පහක ප්‍රමාණයක් ගබඩා කර තිබූ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
ආපදා මරණ 618ක් දක්වා ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
''සේවා සැපයීමේදී සියලු ආයතන අතර සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි''
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම් තවදුරටත්
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම් මේ වන විටත් ආරම්භ වී තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධව දැනුම්දීමක්
ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
''හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට''
ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256 අතුරින් මේ වන විට මාර්ග 192කට වැඩි ප්‍රමාණයක් රථ වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඉන්දීය ආපදා ආධාර රැගත් 09වැනි ගුවන් යානයත් කටුනායකට
ඉන්දියාව විසින් නම් කර ඇති "සාගර් බන්ධු" මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකිය.
දකුණු අප්‍රිකාවේ නේවාසිකාගාරයක වෙඩිතැබීමක්
දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි නේවාසිකාගාරයක අද (06) වෙඩි තැබීමක් සිදුව තිබේ.
ජනපති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවෙයි
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ආපදා මරණ 611ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
රෝගීන් 38කට අතවර කළැයි එංගලන්තයේ වෛද්‍යවරයෙකුට චෝදනා
එංගලන්තයේ ප්‍රධාන රෝහල්වල සේවය කරමින් සිටියදී රෝගීන් 38දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.
ජලාශ 71ක් තවදුරටත් වාන්දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
තමිල්නාඩුවෙනුත් ශ්‍රී ලංකාවට සහනාධාර රැසක්
තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ වරාය බලා පිටත්ව තිබේ.
තරග 20කට පසු ඉන්දියාව කාසියේ වාසිය දිනයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ කණ්ඩායම ලෙසින් ක්‍රිකට් වාර්තා පොතේ නිතර නොඇසෙන වාර්තාවක් හිමිකරගෙන සිටි ඉන්දියාවේ එම පරාජිත ගමන අද (6)අවසන් විය.
ස්විට්සර්ලන්තයෙන් ආපදා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
කිවියන්ට එරෙහිව කොදෙව්වන්ගෙන් ගෞරවාන්විත සටනක්
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන්කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායමට හැකිවිය.