header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විගණනයෙන් හෙළි වූ පසුගිය කාලයේ ජල සම්පාදනයේ වැඩ
Jul 14, 202606:17 PM
විගණනයෙන් හෙළි වූ පසුගිය කාලයේ ජල සම්පාදනයේ වැඩ
Mobitel 1278

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර පසුගිය 2024 වර්ෂය වන විට වසර 49ක් ඉක්මවා තිබුණද එහි ප්‍රධාන ආදායම් මාර්ගය වන ජල ගාස්තු කාලානූරුපව සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කර නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

ඒ අනුව ජල ගාස්තු ප්‍රතිපත්තියක් නොමැතිව 1990 වසරේ සිට අවස්ථා 17කදි විවිධ ගාස්තු යටතේ ජල ගාස්තු සංශෝධනය කර ඇති බවත් පෙන්වා දී ඇති විගණන වාර්තාව එහිදී 2022 සහ 2023 වසරවල සිදුකරන ලද ජල ගාස්තු සංශෝධන මගින් රටේ පැවැති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජල පාරිභෝගිකයින් මහත් අපසුතාවට පත්වන සේ අසාමාන්‍ය ලෙස ගාස්තු ඉහළ දමා ඇති බවත් නිරීක්ෂණය වී ඇති බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම පසුගිය 2022 සැප්තැම්බර් 01 වැනි සිට 2023 අගෝස්තු 01 දින දක්වා කාලය තුළ පමණක් ජල ගාස්තු 2012 වර්ෂයේ පැවැති මිලට සාපේක්ෂව 70%කින් සහ 100%කින් ඉහළ නංවා ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙලෙස ඉහළ ප්‍රතිශතයකින් ජල ගාස්තු සංශෝධනයක් කිරීමට හේතුව වී ඇත්තේ බැංකු පොලී අනුපාතයන් ඉහළ යාම, විදුලි ගාස්තු, ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවී තිබූ බව මණ්ඩලය විසින් හඳුනාගෙන තිබුණද මිනිස්බල පිරිවැය ඉහළ යාම, ව්‍යාපෘති ප්‍රමාද වීම මත ජල සැපයුම් ඉලක්කගත කාලය තුළ සිදුකරගත නොහැකි වීම තුළින් ආදායම් අහිමි වීම හා ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම, ආදායම් නොලබන ජල අනුපාතය ඉහළ ප්‍රතිශතයක් ගැනීම සහ බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීම යන කළමනාකරණ දුර්වලතාද බලපා ඇති බවද විගණන නිරීක්ෂණයෙන් හෙළිව තිබේ.

තවද විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි එම ව්‍යාපෘති නිම නොකිරීම තුළින් අපේක්ෂිත ආදායම් ළඟා කර ගැනීමට නොහැකි වී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කර තිබූ "සැමට ජලය" වැඩසටහන යටතේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන උප ව්‍යාපෘති 106ක ප්‍රගතිය ඉතා පහළ මට්ටමක පවතින බවද විගණන පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය 2024 වර්ෂය වන විට අපේක්ෂිත පරිදි ජල සැපයුම් සම්බන්ධතා 1,316,542ක් ලබා දීමට නොහැකි වී ඇතැයිද මෙමගින් පාරිභෝගික අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම තුළින් මණ්ඩලයට ලැබිය යුතු ආදායම අහිමිවීම සහ ජල ගාස්තු ඉහළ යාම තුළින් ජල පාරිභෝගිකයින් වෙත බලපෑම් එල්ල විය හැකි බවත් විගනණ දෙපාර්තමේන්තුව වෙත නිරීක්ෂණය වී ඇති බවත් සඳහන් කර ඇත.

මේ අතර පසුගිය 2022 සහ 2023 වර්ෂවල සිදුකරන ලද ජල ගාස්තු සංශෝධන තුළින් ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ වැඩිම පාරිභෝගික කණ්ඩායමක් වන ඒකක 6-10, ඒකක 11-15 හා 21-25 අතර පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ ජල බිල්පත් 310%, 319%කින් හා 218%කින් ඉහළ නංවා ඇති බවත් එය පාරිභෝගිකයින්ට අතිශය ඉහළ බලපෑමක් එල්ල කර ඇති බවත් නිරීක්ෂණය වී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මණ්ඩලයේ සේවක පිරිසේ පිරිවැය ජල බිල්පත කෙරෙහි සෘජු බලපෑමක් සිදුකර ඇති බවත් එය මෙහෙයුම් පිරිවැයෙන් 36%ක (වර්ෂ 6ක සාමාන්‍යය) පමණ ප්‍රතිශතයක් නියෝජනය කරන බවටත් නිරීක්ෂණය වී තිබේ.

තවද මණ්ඩලය අලාභ ලබමින් ක්‍රියාත්මක වී නියැදි පරීක්ෂාවට භාජනය වූ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී මණ්ඩලීය අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම නියමිත කාලය තුළ නිමකර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින ජනතාව වෙත අවශ්‍ය සේවාව ලබා දීමට නොහැකිව තිබියදී ජල සම්පාදන මණ්ඩලය විසින් වාර්ෂික ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ගෙවා ඇති බවත් 2023 වසරේදී ඒ සඳහා පමණක් රුපියල් මිලියන 894ක් වැය කර ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබේ.

එමෙන්ම මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ 1,254කින් එනම් 12.89%කින් අඩු වී තිබියදී එක් සේවකයෙකු වෙනුවෙන් දරන පිරිවැය 26.67% කින් වැඩි වී ඇතැයිද විගණන වාර්තාව මගින් වැඩිදුරටත් හෙළිදරව් කර තිබේ.

එම සම්පූර්ණ විගණන වාර්තාව පහතින්,

Water Board SPECIAL REPORT FINAL 2026.05.12 With Annexture 1 by poornima

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana