header logo
SLIC
උණුසුම් පුවත්
2026 සුමති සම්මාන උලෙළෙදී TV දෙරණ සම්මාන රැසකින් පිදුම් ලබයි
Jul 15, 202606:44 PM
2026 සුමති සම්මාන උලෙළෙදී TV දෙරණ සම්මාන රැසකින් පිදුම් ලබයි
EDEX

31 වැනි සුමති සම්මාන උලෙළ අද (15) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුරදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2025 වර්ෂයේ ජනවාරි 1 සිට 2025 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්, රූපවාහිනී වැඩසටහන් හා ටෙලිනාට්‍ය යනාදියය.

ප්‍රවෘත්ති හා කාලින සිදුවීම් වර්තාකරණයේදී අප සතු ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් 2026 සුමති සම්මාන උළෙලේදී 'අද දෙරණ' සම්මාන රැසකින් පිදුම් ලැබීය.

ඒ අනුව 2026 සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ලෙස සම්මානයෙන් පිදුම් ලැබු‍වේ 'අද දෙරණ' හරහා විකාශය වූ කේ.සී. සාරංග අධ්‍යක්ෂණය කළ 'ජීවිතයට විද්‍යාව' වැඩසටහනය.

'අද දෙරණ' හරහා විකාශය වූ රුක්මල් මල්ලව අධ්‍යක්ෂණය කළ 'Rebuild Sri Lanka' වැඩසටහන මෙහිදී වසරේ හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍රවිය.

මෙවර සුමති සම්මාන උළෙලේදී හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙද අද දෙරණ වෙනුවෙන් පාරින්ද්‍යා ගුනසේකර සම්මාන දිනාගත්තාය.

හොඳව රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනාගත්තේ 'අද දෙරණ' ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ 'මුහුදු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය' ප්‍රවෘත්තිය වාර්තාකළ දිනේන්ද්‍ර රන්සිරි විසින්ය.

හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය අද දෙරණ වෙනුවෙන් දිනාගත්තේ රවිඳු විජයසිංහ නිෂ්පාදනය කළ 'විශ්වවිද්‍යාලවල නවකවදය' වැඩසටහනය.

31 වැනි සුමති සම්මාන උළෙලේදී වසරේ දේහපාලන වැඩසටහනට හිමි සම්මානය ටී.වී. දෙරණ 360 දේශපාලනික වැඩසටහන වෙනුවෙන් කසුන් තිවංක සමරසේකර දිනාගත්තේය.

මෙවර සුමති සම්මාන උළෙලේ ඩිජිටල් මාධ්‍ය අංශය යටතේ LIFE STYLE AND FASION වෙනුවෙන් දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට්හි PULS සම්මාන හිමිකර ගැනීමට සමත්විය.

මේ අතර සුමති සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර රංගවේදිණිය විසින්ය.

එමෙන්ම ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රවීණ රූපණවේදිනී සුවිනීතා වීරසිංහ මහත්මියට සහ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මහතාට පිරිනැමුණි.

https://youtu.be/gOSQmFJwnpc?t=8
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight