header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
Jul 16, 202610:17 PM
පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
Mobitel 1278

17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන එල්ල කරමින්, ඔහු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබේ.

මෙහිදී පොලිසිය විසින් සැකකාර පාසල් සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලද රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපේක්ෂ කලංසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් නව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි අවස්ථාවේදි සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සිසුවා පරික්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබූ ඉටි බෑගයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ විශාල මුදල් නෝට්ටු තොගයක් හමුවීමත් සමග ඇති වූ දැඩි සැකය මත සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

පසුව සිදුකළ සිරුර සෝදිසි කිරීමේදී, ඔහු ඇඳ සිටි යට ඇඳුමේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙතෙක් අනාවරණය නොවූ සංවේදී තොරතුරු රැසක් හෙළි වී තිබේ.

සැකකාර සිසුවාගේ මවුපියන් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආපනශාලාවක් පවත්වාගෙන යන අතර, නිවසේ රැඳී සිටින්නේ ඔහු සහ ඔහුගේ බාල නැඟණිය පමණි.

මීට මාස කිහිපයකට ඉහතදී පාසල් ගොස් නිවස බලා පැමිණෙමින් සිටි මෙම සිසුවා ඉදිරියට පැමිණි නාඳුනන පුද්ගලයකු, සිසුවාට මරණීය තර්ජන කර තිබේ.

පසුව සිසුවාගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇති එම පුද්ගලයා, ඔහුට පාර්සලයක් ලබාදී එය නිවසේ සඟවා තබන ලෙස බලකර ඇත.

දුරකථන ඇමතුම් මඟින් ලැබෙන උපදෙස් පරිදි අදාළ පාර්සල් මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩ ආදී ප්‍රදේශවලට රැගෙන යන ලෙස සිසුවාට නියෝග ලැබී ඇත.

මරණ බිය හේතුවෙන් තමන් කිසිදු දිනක එම පාර්සල් විවෘත කර නොබැලූ බව සිසුවා පොලිසිය හමුවේ පවසා තිබේ.

මෙම ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ජාවාරම්කරුවන් විසින් සිසුවාට වරින් වර විවිධ මුදල් ප්‍රමාණයන් ලබා දී ඇත. එම මුදල් වැය කරමින් තමන් කොත්තු රොටි වැනි ආහාර වර්ග මිලදී ගෙන අනුභව කළ බව සිසුවා ප්‍රකාශ කර ඇත.

පොලිස් භාරයට ගත් මුදල් බෑගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු විසින් එම මුදල් බෑගය සිසුවා වෙත ලබාදී, ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුව ශරීරයේ සඟවාගෙන යන ලෙස උපදෙස් දුන් බවය.

මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපනයට දක්ෂ සිසුවෙකි. ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ‘ඒ’ (A) සාමාර්ථයක් සහ ‘බී’ (B) සාමාර්ථ දෙකක් ඇතුළුව විභාගය සමත් වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර සිසුවා වෙරළබඩ, විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..