රු. කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
July 18, 2026 12:10 pm
කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොකේන් ගුලි චොකලට් බෝතල් තුළ බහා ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටියදී අද(18) ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කොකේන් මත්ද්‍රව්‍ය තොගය කරල් 92ක් ලෙස සූක්ෂම ලෙස අසුරා තිබූ බව රේගුව සඳහන් කරයි.
මෙහි බර කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 816ක් බව සඳහන් වෙයි.
එහි වටිනාකම රුපියල් නව කෝටි අට ලක්ෂයක් බව රේගුව සඳහන් කළේය.
අවුරුදු 23ක මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
