
පුස්සැල්ලාව පොලිස් වසමේ කාන්තාවක් ඇද මත කපාකොටා ඝාතනය කර ඇති අතර ඇය දෙවන වරට විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිමි පුද්ගලයාද නිවස පිටුපස ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
පුස්සැල්ලාව පොලිස් වසමේ 38 හැවිරිදි දිලානි ෂාලිකා දයානන්ද නමැති කාන්තාව මෙලෙස පිහියකින් කපාකොටා නිවස තුළදී ඝාතනය කර ඇති බවට පුස්සැල්ලාව පොලීසිය වෙත 119 හදිසි ඇමතුම් අංශය හරහා තොරතුරක් ලැබී තිබේ.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මීට පෙර විවාහ වී සිටි එම මරණකාරිය සිය පළමු විවාහයෙන් වෙන්වී තනිව ජීවත්ව ඇති අතර, කුරුණෑගල ප්රදේශයේ පදිංචි සමන් නැමැති අයෙකු සමඟ යළි විවාහවීමේ අපේක්ෂාවෙන් දෙදෙනාම ඇයගේ නිවසේ එකට වාසය කර ඇති බවයි.
මෙම සිද්ධියෙන් පසු කුරුණෑගල ප්රදේශයේ පදිංචි සමන් නමැත්තා ද එම නිවස පිටුපස මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මෙම මරණ දෙකට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































