header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්
ප්‍රතිවාදී ගෝල රකින්නාගේ වැරැද්දෙන් අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ජේසුස් ද මිගෙල්
Mobitel 1278

ස්පාඤ්ඤ දෙවන පෙළ පාපන්දු ලීගයේ පැවති තරගයක් අතරතුරදී ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටීමකින් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන්  Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් (Jesús de Miguel) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 30 කි.

ඊයේ ( 02) FC Andorra කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගය අවසන් වීමට ආසන්න වන විට ලකුණු 2ට-2ක් ලෙස සම තත්ත්වයේ පැවති අවස්ථාවේ දී මෙම ඛේදනීය අනතුර සිදුව තිබුණි.

Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් තමන් වෙතට යොමු වූ පන්දුව රැකගනිමින් ගෝලයක් ලබා ගැනීම සඳහා පන්දුවට පහරදීමට සූදානම් වනවාත් සමඟම, FC Andorra ගෝල රකින්නා වන ජේසුස් ඔවෝනෝ සිය ගෝල කළාපයෙන් බොහෝ දුරක් ඉදිරියට පැන නීති විරෝධී ලෙස පන්දුව රැකීමට උත්සහා කළේය.

එහිදී ඔහුගේ දනහිස් සහ ඔලුව ජේසුස් ද මිගෙල්ගේ පපුව ප්‍රදේශයේ වේගයෙන් වදින අනතර එක් එක්ම ජේසුස් ද මිගෙල් ඇද වැටෙන ආකාරය දක්නට ලැබේ.

එත් සමඟම හදිසි ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින් විසින් ජේසුස් ද මිගෙල්ව රෝහල්ගත කළත් පපු ප්‍රදේශයට අභ්‍යන්තරව සිදුව ඇති දරුණු තුවාල හේතුවෙන් අද (03) උදෑසන ඔහු මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා සමාජ රැසක් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණි.

මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් අද දින පැවැත්වීමට නියමිතව තිබූ කොපා ඩෙල් රේ (Copa del Rey) සහ කොපා ඩෙල් රෙයිනා (Copa de la Reina) තරගාවලිවල සියලුම තරග කල් දැමීමට පියවර ගෙන ඇත.

ගෝල රැස්කිරීමේ අපූරු හැකියාවක් තිබූ ජේසුස් ද මිගෙල්ගේ පාපන්දු දිවිය


මැඩ්රිඩ් නගරයේ උපත ලැබූ ජේසුස් ද මිගෙල් තම පාපන්දු දිවිය ආරම්භ කළේ 2015 වසරේදී 'ලෙගානෙස්' (Leganes) කණ්ඩායම හරහාය. එතැන් සිට ඔහු ස්පාඤ්ඤයේ විවිධ පාපන්දු කණ්ඩායම් අටක් නියෝජනය කරමින් සිය දස්කම් පෙන්වීය.

2023 වසරේදී Castellon කණ්ඩායමට එක් වූ ඔහු, ගෝල 16ක් ලබා ගනිමින් එම කණ්ඩායම ස්පාඤ්ඤයේ දෙවන පෙළට ඔසවා තැබීමට  ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙකි.

2025 වසරේදී වසර තුනක ගිවිසුමක් යටතේ Tenerife කණ්ඩායම සමඟ එක් වූ ද මිගෙල්, එහිදී තරග 29කට මුහුණ දෙමින් ගෝල 11ක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ස්පාඤ්ඤ පාපන්දු පිටියේ ලස්සන මතක රැසක් ඉතිරි කරමින් සමුගත් මිගෙල් මියයන විට වසරක් වයසැති කුඩා දියණියකගේ පියෙකි.

ඔහු ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ආදරණීය පියෙකු ලෙසද කාගේත් මතකයේ රැඳෙනු ඇත.

MostRead
Mobitel 1278
VideoStories
පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...