
Update:2.42PM
පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයට පැමිණි විරෝධතාකරුවන් විරෝධතාවය ආරම්භක ස්ථානයට යළි ගමන් කරමින් සිටී..
Update:2.24PM
ජන අරගල විරෝධයේ විරෝධතාකරුවන් මේවන විට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව ආසන්නයටම ගමන් කර තිබේ.
Update:2.14PM
විරෝධතා පාගමන හේතුවෙන් පාර්ලිමේන්තුව අවට දැඩි රථවාහන තදබදයක් ඇති බවට වාර්තා වෙයි.
Update:1.53PM
පොල්දූව මංසන්ධියේ ඇරඹි ජන අරගල විරෝධතා පාගමන මේවන විට පාර්ලිමේන්තු පිවිසුම දෙසට ගමන් කරමින් පවතී.
මේ අතර විරෝධතාවයේ නිරත පිරිසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර තිබේ.
Update:1.28PM
රජය විසින් ගෙනඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA)සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවය පොල්දූව මංසන්ධියේදී මේ වන විට ආරම්භ වී තිබේ.
මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ පොලිස් ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබේ.



















































