
මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වී ව ඇති පසුබිමක, "ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි" ලෙස මතක් කරමින් ධවල මන්දිරය විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.
මැතිවරණ දිනයේදී ඩිමොක්රටික් පක්ෂය වෙත විශාල වශයෙන් යොමු වූ අමෙරිකානු ජනතාව, දශකයකින් නොදුටු ආකාරයේ වෙනසක් ඇති කරමින් කොන්ග්‍රසයේ සභාව සහ සෙනෙට් සභාව යන දෙකම නැවත අත්පත් කර ගැනීමට ඔවුන්ව බලගැන්වීය.
"ප්‍රවේශම් වන්න: ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය" යනුවෙන් ධවල මන්දිරය විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා ඇති අතර, එහි කාර්යාලයේ මේසය මත දැත් තබා එක එල්ලේ ඉදිරිය බලා සිටින ජනපති ට්‍රම්ප්ගේ ඡායාරූපයක් ද පළ කර ඇති බව සඳහන් වේ.
"මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැන ස්තූතියි" යනුවෙන් ට්‍රම්ප්ගේ සුපුරුදු යෙදුමද මෙම සටහනට එකතු කර ඇත.



















































