header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනපති ට්‍රම්ප් මවිත කරමින් අමෙරිකාවේ සිදු වූ බලපෙරළිය
ජනපති ට්‍රම්ප් මවිත කරමින් අමෙරිකාවේ සිදු වූ බලපෙරළිය
Mobitel 1278

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලයේ බලය තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව තිබේ.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය දෙවැනි තැනට ඇදදමමිනි.

මෙය සැලකෙන්නේ ජනාධිපති ට්‍රම්ප් පිළිබඳ පවතින ජනමතයේ ලිට්මස් පරීක්ෂාවක් ලෙසය.

අමෙරිකා එක්සත් ජනපදයේ මහජන නියෝජිතයන් නියෝජනය වන්නේ එරට කොංග්‍රසයෙනි.

අමෙරිකානු කොංග්‍රසය - සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියන මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විතයි.

සෑම වසර දෙකකටම වරක් මධ්‍යවාර මැතිවරණයක් පැවැත්වෙන්නේ සෙනෙට් සභාවේ ආසන 100න් තුනෙන් එකක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහාය.

මින් සෙනෙට් සභාවේ බලය එහි ආසන 51ක් දිනාගන්න තනි පක්ෂයට හිමිවේ.

ඒ අනුව තමන් සතුව ඇති ආසන 34ට අමතරව තවත් ආසන 20කට ආසන්න ප්‍රමාණයක් දිනාගනිමින් එහි බලය තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය අද සමත් විය.

මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට ආසන 51 ක් දිනාගත නොහැකි වීම කැපීපෙනෙන සිදුවීමකි.

මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් පවතී.

කුමන හෝ පක්ෂයක් එම සභාවේ බලය දිනාගැනීමට නම් ආසන 218ක් වත් අවම වශයෙන් දිනාගත යුතු වේ.

එහිදී ද ආසන 218 ඉක්මවා යමින් දැනටමත් පෙරමුණේ පසුවන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

වසර දෙකකට පෙර ජනපති ධුරය දිනාගත්තත් රිපබ්ලිකන් පක්ෂයට මෙහිදී දිනාගන්න හැකි වී ඇත්තේ ෙ ආසන 150 ටත් අඩු සංඛ්‍යාවකි.

මෙවර මධ්‍යවාර මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි අමෙරිකානුවන් ගණන මිලියන 210කි.

මැතිවරණයේ අවසන් ඡන්ද විමසීම නිමාවූයේ අමෙරිකාවට අයත් හවායි දූපතේ පැවති ඡන්ද විමසීම අද දහවල් අවසන් වීමෙන් පසුවය.

ඩිමොක්‍රටික් පක්ෂය සෙනෙට් සභාවේ ආසන 54ක් ජයග්‍රහණය කර ඇත්තේ මෙයින්, අයෝවා, ඔහායෝ, කැන්සාස් සහ ටෙක්සාස් වැනි ප්‍රාන්තවල සිය ආධිපත්‍ය පතුරවමිනි.

මැතිවරණය අතරතුර ප්‍රාන්ත ආණ්ඩුකාරවරු 36 දෙනෙක් තෝරාගැනීම ද සිදු වේ.

මෙවර අමෙරිකානු මධ්‍යවාර මැතිවරණය වාර්තා අලුත් කරන මැතිවරණයකි.

මෙතෙක් රිපබ්ලිකන් පක්ෂයේ බලකොටුවක්ව පැවති දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ සෙනෙට් අසුන ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක් මෙවර දිනා ඇත්තේ වසර 28කින් පසුවය.

එසේම උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ සෙනෙට් අසුන ද 2008 වසරෙන් පසු ප්‍රථමවරට ඩිමොක්‍රටික් පක්ෂය වෙත ලැබී තිබේ.

තවද කැන්සාස් ප්‍රාන්තයට ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙක් පත්ව ඇත්තේ සියවසකින් පසුවය.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් මිචිගන් ප්‍රාන්තය ජයගත් 42 හැවිරිදි අබ්දුල් අල් සායිඩ් වාර්තා අතරට එක්වන්නේ අමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා ලෙසය.

එමෙන්ම නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයගත් ක්‍රිස් පප්පාස් එරට සෙනෙට් සභාවට පත්වූ පළමු සමරිසි සභිකයා ලෙස ඉතිහාසයට එක් වේ.

එමෙන්ම ජෝර්ජියා හි ආණ්ඩුකාර ධුරයට පත්වූ කේයිෂා බොටම් එරට ඉතිහාසයේ තේරීපත් වූ පළමු කළු ජාතික ආණ්ඩුකාරවරයායි.

ජනාධිපති ට්‍රම්ප් පාලනය යටතේ ජනතාව මුහුණදෙමින් සිටින ආර්ථික ගැටලු, ජීවන වියදම ඉහළයාම, ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ඉරාන යුද්ධය ඇතුළු විදෙස් ප්‍රතිපත්ති ආදිය මෙවර අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා වී තිබුණි.

එමෙන්ම ඊලෝන් මස්ක් වැනි ධනපතියන් ට්‍රම්ප් වෙනුවෙන් ඉදිරිපත් වී ඩොලර් මිලියන 500ක් පමණ වැය කිරීමත් විශේෂත්වයකි.

තවද මැතිවරණය පැවැත්වෙන අතරතුර විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ ඊශ්‍රායලය වෙත වාර්ෂිකව ප්‍රදානය කරන අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ වන යුද ආධාරද අත්හිටුවන බවය.

නමුත් ඉන් මැතිවරණයට යම් බලපෑමක් සිදුවූ බවක් පෙනෙන්නට නැත.

මෙවන් පසුබිමක මෙවර ඡන්ද ප්‍රතිඵලය ට්‍රම්ප් පරිපාලනය ලැබූ දරුණු පසුබෑමක් ලෙසට විචාරකයින් විස්තර කරයි.

එසේම මෙය ඉරානයට එරෙහි අමෙරිකානු යුද්ධයට විරුද්ධව ලැබුණු ජනමතයක් බවටද විචාරක මත පළ වේ.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ විපක්ෂය හොඳින් කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිඵලය දැක තමන් මවිත වූ බවය.

ඩිමොක්‍රටික් ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ප්‍රකෘතිමත් වී ඇති බව වාර්තාවී ඇත.

නමුත් එරට ආරක්ෂක නිෂ්පාදන සහ තාක්ෂණ සමාගම් කිහිපයකම කොටස් මිල පහත වැටී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ආසියානු සහ යුරෝපා කොටස් වෙළෙඳපොළ ඉහළයාමක් ද අද වාර්තා වී ඇත.

*මෙම පරාජය ට්‍රම්ප්ගේ මීළඟ දෙවසරක ධුර කාලය සඳහා කිනම් බලපෑමක් ඇති කරයිද?

  1.  කොන්ග්‍රසයේ පාලනය අහිමිවීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලන ගෙනඑන කෙටුම්පත් පරාජයට පත්වීම.
  2. ප්‍රධාන බදු, සංක්‍රමණික, වියදම් හා අනෙකුත් ප්‍රතිපත්ති යෝජනා සම්මත කරගැනීමට අසීරුවීම.
  3. සියලු නීති සම්මත කරගැනීමට විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමට සිදුවීම.
  4. කොංග්‍රස කමිටු සහ විමර්ශන කමිටු සම්බන්ධව පාලනය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීම.
  5. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට පවා අවස්ථාවක් පැවතීම.
  6. චීනය, ඉන්දියා, යුරෝපා සංගමය සහ නේටෝ සංවිධානය වැනි ආයතන ට්‍රම්ප් පරිපාලනය අභිබවා කොංග්‍රසය සමඟ සෘජුව කටයුතුකිරීමට අවස්ථාවක් පැවතීම.

ඒ අභියෝග අතරට අයත් වේ.

නමුත් තවමත් ජනාධිපතිවරයා සතුව විශාල බලයක් ඇති අතර, සුදුසු පරිදි සිය විධායක බලය භාවිත කිරීමට ඔහුට අවස්ථාව හිමි වේ.

එමෙන්ම කොංග්‍රසයේ සම්මත වන  ඕනෑම කෙටුම්පතක් සිය නිශේධ බලය භාවිත කර පරාජය කිරීමටත් ඔහුට හැකියි.

එමෙන්ම යුද්ධ පිළිබඳ තීරණ ගැනීමේදී එය සුමටව සිදුකිරීමටද ඉන් යම් බලපෑමක් එල්ලවිය හැකිය.

මෙවැනි කරුණු හේතුවෙන් නව බල පෙරළිය අමෙරිකාවේ අනාගතයට කෙලෙස බලපෑම් එල්ලකරනු ඇතැයි ද යන්න සම්බන්ධයෙන් මතු කරන්නේ කුකුසකි.

අමෙරිකාවේ නව පාර්ලිමේන්තුව බලාත්මකවන්නේ එළඹෙන ජනවාරි 3 වැනිදා සිටය.

මේ අතර, ට්‍රම්ප්ගේ පසුබෑම සමරමින් ඉරාන ජනතාව වීථි බැස සිය සතුට සැමරුවේය.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්