
2027 ICC පිරිමි එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර කණ්ඩායම් අදියරේ තරගය සඳහා ප්රවේශපත්ර ඉල්ලීම් මිලියන 8.4ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.
දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ එළැඹෙන එක්දින ලෝක කුසලානය පැවැත්වේ.
එහි ඉන්දු - පාකිස්තාන තරගය ඔක්තෝබර් 10 වැනිදා දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරර්ස් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කෙසේ නමුත් එම ක්රීඩාංගණයේ සමස්ත ආසන ධාරිතාව 34,000කට පමණක් වන පසුබිමක මෙලෙස අසීමිත ඉල්ලීමක් ලැබීම සුවිශේෂීය.



















































