header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
Jul 17, 202607:01 PM
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
Mobitel 1278

2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අද (17) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී එම නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද පටිගත කර ඇති බවය.

"ස්වාමීනි... එල් පී.එල් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව භානුක රාජපක්ෂ, දුලිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයින් කීපදෙනෙකුට මොහු තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව බාන්ස් කැෆේ නැමැති ස්ථානයකදී ක්‍රීඩකයින් හමුවී තරග හතරක් පාවාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන බව සැකකරු විසින් යෝජනා කර තිබෙනවා. පසුව මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම් දීමක් සිදුකළා. ඒ අනුව විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙසකට අනුව මෙම ක්‍රීඩකයින් එක් තරගයක් සඳහා ඇමරිකානු ඩොලර් 50000 ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දුරකථන සංවාද පටිගත කර තිබෙනවා. වීඩියෝ දර්ශනත් තිබෙනවා. ඒවා අපි අද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරනවා.

ස්වාමීනී.. රුපියල් ලක්ෂ 120ක ගනුදෙනුවක්. පසුව රුපියල් ලක්ෂ 80ට අඩු කරලා ඉන් අනතුරුව රුපියල් 115කට එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් ඊයේ (16) දින කොළඹ ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. කළු පැහැති බෑග් එක තමයි එම මුදල් රැගෙන ආවේ. එම බෑගයත් අධිකරණයට ඉදිරිපත් කරනවා."

කෙසේවෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සැකකාර ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරු අල්ලස් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

"පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මෙම සැකකාර ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරු අල්ලස් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නෑ. මොවුන් විශාල මුදලක් අරගෙන ශ්‍රී ලංකාවට ඇවිත් සිටින්නේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන්. මෙම සැකකරුවන් තරුණ පුද්ගලයින්."

මෙම කරුණු සැලකිල්ලට ගෙන සැකකරුවන්ට ඇප නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රධානය කළහොත් විමර්ශනවලට බලපෑම් සිදුවීමට හැකියාව තිබෙන බවය.

ඒ අනුව සැකකරු ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්