මාළු අල්ලන්න ගිය පුද්ගලයාගේ මළසිරුර මාළු දැලේ
July 19, 2026 10:18 am
නොච්චියාගම, අන්දරවැව ප්රදේශයේ දී දියේ ගිලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අන්දරවැව ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වේ.
අදාළ පුද්ගලයා පසුගිය 17වනදා රාත්රියේ නිවස අසල ඇති ගල් වලක මාළු ඇල්ලීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ සිරුර එම ගල් වලෙහිම මාළු දැලක පැටලී තිබියදී සොයා ගත් බවය.
