ජාතික යොවුන් බොක්සිං ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයට

ජාතික යොවුන් බොක්සිං ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයට

July 18, 2026   11:17 pm

2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.

මෙම තරග ඉතිහාසයේ නාලන්දා විද්‍යාලය සමස්ත ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. 

මෙහිදී නාලන්දා විද්‍යාලය වෙනුවෙන් කි.ග්‍රෑ. 47-50 බර පන්තියේ රන් පදක්කම ජී.වී.පී මිහිරාන් දිනා ගැනීමට සමත් වූ අතර කි.ග්‍රෑ. 55-60 බර පන්තියේ රන් පදක්කම එල්.එන්.පී කුලරත්න විසින් දිනාගත්හ.

එමෙන්ම 60-65 බර පන්තියේ රන් පදක්කම එල්. එම්. එස් මිහිරාන් දිනා ගැනීමටද සමත්විය.

මේ අතර මෙවර තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා ලෙස කි.ග්‍රෑ. 55-60 බර පන්තිය නියෝජනය කළ එල්.එන්.පී. කුලරත්න සම්මාන දිනා ගනු ලැබීය.

තරගාවලිය පසුගිය 14 වැනි දින සිට දින 5ක් පුරාවට දියගම බොක්සිං ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.