අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට

අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට

July 18, 2026   09:47 pm

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

සිද්ධිය පිළිබඳව ඉදිරි විමර්ශන සිදු වෙමින් පවතී.