ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

August 18, 2026   08:27 am

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස්, එය 91.24ක් ලෙස සටහන්වී ඇත.

එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළගොස් තිබේ.

ඉරානය සමග හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමග ඊයේ (17) පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳ ඉරානය සහ ඕමානය අතර මේ වනවිට වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, අමෙරිකාවද ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටී.