ද. කොරියාව සමග හමුදා අභ්‍යාසයේ පරිමාණය පහත හෙළන්න - ට්‍රම්ප්
August 17, 2026 12:56 pm
දකුණු කොරියාව සමග පවත්වන වාර්ෂික ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ පරිමාණය කැපී පෙනෙන ලෙස පහත හෙළන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට උපදෙස් දී තිබේ.
සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ දකුණු කොරියාව, ඉරාන යුද්ධයට සහාය දැක්වීමට මැලිවීම ගැන තමා නොසතුටින් පසුවන බවය.
එමෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමග පවතින සුහද සබඳතාව හේතුවෙන් ඔවුන්ට පසමිතුරු සංඥාවක් ලබාදීමට තමාට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කර සිටී.
අද (17) සිට අගෝස්තු 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වාර්ෂික ඒකාබද්ධ හමුදා අභ්‍යාස සඳහා අමෙරිකානු හමුදා සමග දකුණු කොරියානු සෙබළුන් 18,000ක් පමණ සහභාගිවීමට නියමිතය.
කෙසේ නමුත් ජනපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනින් පසුව දකුණු කොරියානු හමුදාවල ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා සඳහන් කළේ ඒකාබද්ධ යුද අභ්‍යාසය සැලසුම් කළ පරිදි ආරම්භ කෙරෙන බවය.
එහෙත් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය පිළිබඳව ඔහු අදහස් දක්වා නොමැති බවද සඳහන්.
මේ අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයට එරෙහිව දකුණු කොරියාවේ සෝල් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විණි.
