ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7ක් මරුට
August 17, 2026 09:14 am
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ලක්ඛිසරයි ප්‍රදේශයේ දේවාලයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.
දේවාල භූමියේ විදුලි රැහැනක් කඩා වැටීමත් සමඟ ජනතාව කලබල වී දිව යාම හේතුවෙන් මෙම තෙරපීම හටගෙන ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිහාර් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
