header logo
SLIC
විශේෂාංග
ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්‍රයක්
Mar 23, 202507:54 PM
ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්‍රයක්
EDEX

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

අදාළ ව්‍යාජ දැන්වීම උපුටා දක්වමින් එම සටහනෙන් දැනුම් දී ඇත්තේ WhatsApp මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ දැන්වීම් පත්‍රය එකිනෙකා අතර හුවමාරු වීමට සලස්වා ඇති බවය.

එම ව්‍යාජ දැන්වීම් පත්‍රයේ සඳහන් වී ඇත්තේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවත්ය.

ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවෙන් දැනුම් දී ඇත්තේ මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් 'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බවය.

එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දී තිබේ.

අදාළ ව්‍යාජ නිවේදනය පහතින්,

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMkmQloyXp6v8lF0b_NC1ROwdvEG9Ev-_WIgbf6pOy9fq_FFxiixSqQND5hN30QFHfKsd1TDbzI4iA9F4yJRuWlHE-3Gq7a02JrFkWrresef44fQZ8j7q6zXf4uf8H6P38vFTEF-NPYszYq7dAk4ViogrwL7CLs7sAwCi9zYYLPUxHOiAKo1Ha1QHgK8jV/s1600/aaaa_L.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට