header logo
SLIC
විශේෂාංග
රජයේ තීරණය එනතුරු කොටස් වෙළෙඳපොළ බලාසිටී
Mar 19, 202507:22 PM
රජයේ තීරණය එනතුරු කොටස් වෙළෙඳපොළ බලාසිටී
EDEX

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා පවසයි.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා,

"රාජ්‍ය ව්‍යවසායයන් ලැයිස්තුගත කිරීම සඳහා වෙනම පුවරුවක් අපි හඳුන්වා දීලා තිබෙනවා. රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ඕනෑම රාජ්‍ය ව්‍යවසායයක් ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය රාමුව මේ වන විට සකසලා තියෙනවා. සමහරක් සමාගම් මූල්‍ය වාර්තා සැකසීමේ දී හා වාර්තා කිරීමේ දී කොටස් වෙළෙඳපොළ පිළිගත් සම්මතයන් අනුගමනය කරලා නැහැ. ඒවා සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අනුගමනය කරන සාමාන්‍ය සම්ප්‍රදායක්. අපි ඒ සඳහා යම් පරිවර්තනීය කාලයක් ලබා දෙන්න සූදානම්. ඇත්තටම රජය ගන්නා තීරණ අනුව තමයි කුමන සමාගම් කොටස් වෙළෙඳපොළට එනවාද කියලා තීරණය වෙන්නේ. කලින් රජයේ ඒ සඳහා කමිටුවක් තිබුණා. ඔවුන් තෝරා ගත් ආයතන කිහිපයක් ඒ සඳහා යෝජනා කර තිබුණා. අවශ්‍ය කෙරෙන ක්‍රියාමාර්ග කොළඹ කොටස් වෙළෙඳපොළ පාර්ශවයෙන් අරගෙන තිබෙනවා. රජයේ මුලපිරීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට