header logo
Vallibel FD
විශේෂාංග
හොරෙන් ඇවිත් පෙනීම අරන් යන ග්ලෝකෝමා ගැන ඔබ දැනුවත්ද ?
Mar 09, 202509:33 AM
හොරෙන් ඇවිත් පෙනීම අරන් යන ග්ලෝකෝමා ගැන ඔබ දැනුවත්ද ?
Mobitel 1278

දෑස යනු අපට වටිනාම සම්පතකි. යම් හෙයකින් පෙනීම අහිමි වී යාම මානසිකව මෙන්ම සාමාජීය වශයෙන්ද ගැටළු රැසකට මුහුණ දීමට ද සිදුවනු ඇත.

පෙනීම අහිමිවී යාමට බලපාන හේතු අතරින් දෙවැනි ප්‍රභල හේතුව ලෙස ග්ලෝකෝමා රෝගී තත්ත්වය දැකිය හැකිය.

ග්ලෝකෝමා යනු ලොව පුරා මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානම රෝගී තත්ත්වයකි.

මෙවර ලෝක ග්ලෝකෝමා සතිය අද සිට (09) එළැඹෙන 15 වැනිදා දක්වා යෙදී ඇති අතර "අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු" යන තේමාව යටතේ ග්ලෝකෝමා සතියෙහි ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විශේෂ වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇත.

ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය 05 වැනිදා ජාතික අක්ෂි රෝහලේදී පැවැති අතර එම වැඩසටහනේදී මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරු විසින් කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කරනු ලැබීය.

එමෙන්ම එළැඹෙන 29 වැනි දින මහනුවර ජාතික රෝහලේදී විශේෂ ග්ලෝකෝමා අක්ෂි සායනයක් පැවැත්වීමට නියමිත අතර සායනික දේශන මාර්තු 11 වැනිදා කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වීමට ද නියමිතය.

තවද මීට සමගාමීව මීගමුව, මහනුවර, කොළඹ හා ගාල්ල යන රෝහල් ආශ්‍රිතව ද වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩමුළු රැසක් ද සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg13VGOSyKhnw-N3rLY704QJpqHjRKCXXnZbv06ch6KhLRHwbizoXjnKT3kjOGcyYRX12U4ZhOxGXk-SfuZDCSSZafQHir9zQAIysFZ1CMhx47uaHHWq8qBNF56hwfIlhof_-28YW7pE2aVdC_HwrlzUANY-H7QhmxqgV9eAi1RYKiicDx99RcGBuMskl_t/s1600/glaucoma-types-1-1024x683.jpg

ග්ලෝකෝමා යනු කුමක්ද ?

ග්ලෝකෝමා යනු ඇසේ පීඩනය වැඩිවීම හේතුවෙන් ඇසේ ඇතිවන ස්නායුවල තෙරපුමක් මත පෙනීම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යාමකි. එය ඇසේ ස්නායුවලට සිදුවන බලපෑම් හේතුවෙන් සිදුවන තත්ත්වයක් වන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මිනිසා සම්පූර්ණයෙන් සදාකාලික අන්ධභාවයට පත්වීමය.

සාමාන්‍යෙයන් මෙරට පුරවැසියෙකුගේ ඇසේ පීඩනය පැවැතිය හැකි වන්නේ 10-20ත් අතර මට්ටමක වන අතර වුවද ග්ලෝකෝමාවල විවිධ ප්‍රභේද පවතින බැවින් ඇසේ පීඩනය 10-15ත් අර වුවද 15%කට පමණ පිරිසකට ග්ලෝකෝමා තත්ත්ව ඇතිවිය හැකිය.

ග්ලෝකෝමා සිදුවිය හැක්කේ අක්ෂිගත පීඩය වැඩිවීම හේතුවෙන් වන අතර මෙම අක්ෂිගත පීඩනය වැඩිවීම හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් දෘෂ්ටි ස්නායුව මියයාමකට ලක්වන අතර එය ග්ලෝකොමා රෝගය ලෙස හැඳින්වේ.

පසුගිය 2020 වසරේදී ලොව පුරා මිනිසුන් මිලියන 79ක් පමණ ග්ලෝකෝමා රෝගී තත්ත්වයට ගොදුරුවී ඇති අතර එම පිරිස 2040 වර්ෂය වන විට මිලියන 111ක් දක්වා ඉහළ යා හැකි බවද අනුමාන කර තිබේ.

එමෙන්ම මෙම රෝගී තත්ත්වය හේතුවෙන් දෑස් දෙකම අන්ධභාවයට පත්වූ පිරිස 2020 වසරේදී ලොව පුරා මිලියන 10කට ආසන්න වී ඇතැයිද සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්වා දී ඇත.

එමෙන්ම මිනිසුන් 100 දෙනෙකු ගතහොත් එයින් තිදෙනෙකුට ආසන්න පිරිසකට මෙම රෝගී තත්ත්වය වැළදීමේ හැකියාව ඇති බවද සෞඛ්‍ය අංශ කරනු ලැබූ සංගණනයකදී අනාවරණය වී තිබේ.

මෙම රෝගයේ භයානකකම වන්නේ ඇසේ දෘෂ්ටි ස්නායුව යනු මොලයේම කොටසක් වන බැවින් එම දෘෂ්ටි ස්නායුවට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වීමය.

මෙම දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීමෙන් ක්‍රමක් ක්‍රමයෙන් අන්ධ භාවයට පත්වන අතර එම අන්ධ භාවය ප්‍රතිකාර කිරීමෙන් හෝ ශල්‍යකර්මයකින් හෝ යතා තත්ත්වයට ද පත් කර ගත නොහැකිය.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ මෙම රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා විය හැකි අතර රෝග තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ද පවතින බවය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDLS_zN-dlIxE-cvcD9KXLcHU8INcvEDMnt16RsJa2qyVbgiwZmxt_KVFP_q5lmdJEv4BDng3s34NphyphenhyphenJnv7cYXVOPM8XJ5U1zhHFN1HV0Bav4SU1FY2fmqLts1PmSwU15RIWyWE8nr2Nt4IRUUfalpXyFQ-ixEXipO8TEuBtrJ5gfgzI5_uRySabxCcYq/s1600/glaucoma.jpg

ග්ලෝකෝමා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?

ග්ලෝකෝමා රෝග තත්ත්වයේ මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර එය දෑස් මත ඇතිවන අනෙකුත් රෝගයන් හා සැසඳීමේදී වෙනස් ලක්ෂණ කිහිපයකින්ද සමන්විත වේ.

මේ හේතුවෙන් වැඩිහිටි පුද්ගලයින්ට ග්ලෝකෝමා වැළඳි ඇද්දැයි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව හඳුනා ගත නොහැකිය.

ග්ලෝකෝමා රෝගී තත්ත්ව හඳුනා ගන්නේ මෙහෙමයි

සාමාන්‍ය පුරවැසියෙකුට ග්ලෝකෝමා රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකියාවක් නොමැති අතර එය පූර්ව රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි. කෙසේ නමත් මෙම රෝගී තත්ත්ව හඳුනා ගැනීම සඳහා සිදුකළ යුතු කාර්යක් වනුයේ මෙරට පිහිටි ඕනෑම අක්ෂි සායනයකට ගොස් තමන්ගේ ඇසේ පීඩනය මැන ගැනීමය.

එහිදී වෛද්‍යවරුන් විසින් ඔබේ ඇසේ දෘෂ්ටි ස්නායුව පරික්ෂා කිරීමකට ලක් කරන අතර එහිදී මෙම රෝගී තත්ත්වයට ඔබ පත්ව ඇත්දැයි යන්න සැක හැර දැන දැනගත හැකිය.

ග්ලෝකෝමා රෝගයේ ප්‍රධාන ලක්ෂණ දෙකකින් සමන්විත වන වේ.

01. Open angle glaucoma
02. Angle Closure Glaucoma

Open angle glaucoma රෝග තත්ත්වයේදී රෝග ලක්ෂණ කිසිවක් නොමැති අතර එය සාමාන්‍ය මිනිසෙකුට හඳුනා ගැනීමට හැකියාවක් නොමැත.

ඒ හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් අන්ධභාවයට පත්වන අතර එම අන්ධභාවයට පත්වීම මිනිසුන්ට නොදෙැනෙන අතර එකී අන්ධභායට පත්වු පසු එය සුව කළ නොහැකිය.

එහිදී ක්‍රමක් ක්‍රමයෙන් දෑස් වටින් අන්ධ භාවයට පත්වීම සිදුවනු ඇති අතර එය මිනිසුන්ට අවබෝධ කර ගැනීම අපහසු බවද වෛද්‍යවරුන් පවසයි.

Angle Closure Glaucoma තත්ත්වය කලාතුරකින් ඇතිවන තත්ත්වයක් වන අතර එහිදී එක්වරම ඇසේ පීඩනය වැඩිවීම, ඔළුවේ කැක්කුම ඇතිවීම සහ රෝගීන්ගේ ඇස් රතු පැහැගැන්වීම සිදුවේ.

ග්ලෝකෝමා ඇතිවිය හැකි අවස්ථා

ඉහත සඳහන් කළ ප්‍රධාන ග්ලෝකෝමා වර්ග දෙකට අමතරව තවත් විවිධ ග්ලෝකෝමා තත්ත්ව දැකිය හැකි අතර ඒ අතරට ඇසේ සුද ඇතිවීම හේතුවෙන් ඊට ප්‍රතිකාර නොකිරීමෙන් ඇතිවන ග්ලෝකෝමා තත්ත්වයන් ද දැකිය හැකිය.

මෙහිදි සිදුවනුයේ ඇසේ සුද ඇති වීමෙන් එම තත්ත්වය මග හරවා ගැනීමට ශල්‍යකර්මයන්ට භාජනය නොවීමෙන් ඇසේ සුද වැඩි වී ග්ලෝකෝමා තත්ත්වයකට මුහුණදීම ය.

මීට අමතර ඇසට සිදුවන යම් කිසි අනතුරක්, වැදීමක් මෙන්ම ලේ ගැලීමක් ආදි සිදුවීම් හේතුවෙන් ද ග්ලෝකෝමා තත්ත්වයන් ඇති විය හැකි බව වෛද්‍යවරු පවසයි.

එමෙන්ම දියවැඩියා රෝගී තත්ත්වය ඇති වීමෙන් මෙන්ම එම රෝගී තත්ත්වය පාලනය කර නොගැනීමෙන් ඇසට නොයෙකුත් අතුරු ආබාධ ඇතිවිය හැකි අතර එම ආබාධ තුළින් එකක් වන ඇස තුළ ලේ නහර වර්ධනය වීමකින් මෙම ග්ලෝකෝමා රෝගී තත්ත්වයට පත්විය හැකිය. මෙය ද පාලනය කර ගැනීමට අපහසු වන බැවින් දියවැඩියා රෝගීන් ද වසරක් පාසා සිය ඇස් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගත යුතුය.

එමෙන්ම තවත් නොයෙක් පර්යේෂණ ක්‍රම ද පවතින අතර එම සියලු පරීක්ෂණ මෙරට අක්ෂි සායනයන් හී පවතින අතර එම සායනයන්ට සහභාගී වී සිය දෑස් පරික්ෂා කර ගනිමින් මෙම රෝගී තත්ත්වයන්ට ඔබ නිරාවරණය වී ඇතැයි දැනගත හැකිය.

ග්ලෝකොමා රෝගයට ප්‍රතිකාර

ග්ලෝකෝමා රෝගය මුල් අවස්ථාවේදී හඳුනාගත හොත් එය ප්‍රතිකාර ආරම්භ කර රෝගී තත්ත්වයන් පාලනය කර ගත හැකි අතර ඒ සඳහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් පවතී.

01. ඇසට දමන බිංදු බෙහෙත්

මෙමගින් රෝග තත්ත්ව නිට්ටාවටම සුව කළ නොහැකි අතර සිදුකළ හැක්කේ රෝග තත්ත්ව පාලනය කිරීම පමණි. මෙහිදී වෛද්‍යවරුන් විසින් ලබා දෙන ප්‍රතිකාර තමන්ගේ ජීවිත කාලය තුළදීම භාවිත කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

මෙහිදී රෝග තත්ත්ව මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර පසු කාලීනව හඳුනාගත් නමුත් අක්ෂි බිංදු දැමීමෙන් රෝග පාලනය කර ගැනීමක් සිදුකළ නොහැක.

02. ලේසර් කිරණ ප්‍රතිකාර

මෙම ක්‍රමය ශල්‍යකර්මයක් නොවන අතර බාහිර රෝගී අංශයෙන් සිදුකර ගත හැකි ඉතා සරළ ක්‍රමයකි.

03. ශල්‍යකර්ම මගින්

මෙහිදී ඇසේ ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් ඇසේ පීඩන තත්ත්වය පාලනය කර ගත හැකි අතර ශල්‍යකර්ම සිදුකළත් ඇසට බෙහෙත් බිංදු යෙදුවත් එම රෝගීන් වරින් වර සිය දෑස් අක්ෂි සායනයක් මගින් පරීක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත. මන්ද යත් ශල්‍යකර්ම සිදුකළත් පසු කාලීනව ඇසේ පීඩන තත්ත්ව වැඩිවීමේ හැකියාවක් පවතින බැවිනි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMtAWwP59v07lDqRaBA9FN-EOkTaDMFlpVSMpo-M0J0Fw7A1VvdWphF_yCfJOCvPI3LY1Khquf8bWozqdJiI70PoprEr4eB5vKrNQQ_qxfZr97C8rsLju1K6AI2cWroJY-Tlao0ZzpWtAMwWRa1E_oaOrDxxPHGYn1V_bazTnU3PjiTUaceD-qM9wk0Nml/s1600/a-model-of-the-eye.jpg

කුඩා දරුවන්ටත් ග්ලෝකෝමා

කුඩා දරුවන්ටද ග්ලෝකෝමා රෝගී තත්ත්වයන් ඇති විය හැකි අතර එය කලාතුරකින් සිදුවිය හැකි බවද වෛද්‍යවරු පවසයි.

වෛද්‍ය අංශ පෙන්වා දෙනුයේ දරු උපත් 10,000ට 1ක් ලෙස ග්ලෝකෝමා තත්ත්ව ඇති විය හැකි අතර එය දරු උපතේදීම සිදුවිය හැකි බවය.

නමුත් මෙහිදී වැඩිහිටි පුද්ගලයින් මෙන් නොව කුඩා දරුවන්ගේ රෝගී ලක්ෂණ පෙන්වන අතර ඊට ඇසේ ප්‍රමාණයන් වෙනස් වීම, කඳුළු ගලා ඒම, හිරු රශ්මියයට නිරාවරණය වීමේදි ඇස් වසා ගැනීම ආදි රෝග ලක්ෂණ මතුවිය හැකිය.

මේ අයට ග්ලෝකෝමා ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි

ග්ලෝකෝමා ඇතිවීමේ ප්‍රවණතාවයන් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් තමන්ගේ ලේ ඥාතිවරයෙකු ග්ලෝකෝමා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින්නේ නම් ඔවුන් මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතු වේ.

එහිදී ඔවුන් සිය දෑස් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගත යුතු අතර එහිදී තමන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇතැයිද යන්න සැක හැර දැනගත හැකි වනු ඇත.

එමෙන්ම කුඩා කළ සිට දුර පෙනීමේ අඩුවක්, ඇසට සිදු වූ යම් අනතුරක්, යම් වැදීමක් සිදුවූ පිරිස්ද පසුකාලීනව මෙම රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම වැඩිවේ.

මීට අමතරව කිසිදු හේතුවක් නොමැතිව වයසට යාම හේතුවෙන් 3.5%ක ප්‍රතිශතයකට මෙම රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය.

මේ අනුව ග්ලෝකෝමා රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා මෙන්ම රෝගී තත්ත්ව පාලනය කර ගැනීම උදෙසා කටයුතු කළ අතර ඒ සඳහා මෙරට පිහිටි සෑම අක්ෂි සායනයකින්ම සිය දෑස් පරීක්ෂා කරගත හැකි බවද සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව සදාකාලික අන්ධභාවයට පත්වීම වැළැක්වීම සඳහා සිය දෑස් රැක ගැනීමට අදාළ පරීක්ෂණයන්ට යොමුවන ලෙසද වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana