header logo
Vallibel FD
විශේෂාංග
ඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
Jun 14, 202506:25 PM
ඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
Mobitel 1278

ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව තිබේ.

එහිදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ පුද්ගලයින් 78ක් මියගොස් තවත් පුද්ගලයින් 326ක් තුවාල ලබා ඇතැයිද වාර්තා වූ නමුත් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශයක් සිදු නොකළේය.

කෙසේ නමුත් ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඉරානය කටයුතු කළේය.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවන් රැසක් දියත් කළේය.

ඒ ඊශ්‍රායලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළවල් ඉලක්ක කරගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත්කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි පැවසුවේ ඊශ්‍රායලය තමන්ට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවත් තම රටට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධව ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බවය.

මේ අතර ඉරාන - ඊශ්‍රායල ගැටුමට හේතුව බවට පත්ව ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් බවට මේ වන විට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට පටන් ගත් බවත් එම වැඩසටහන අහෝසි කිරීමට ඊශ්‍රායලය මාස 6කට පෙර නියෝග කළ බවත්ය.

මෙම න්‍යෂ්ටික වැඩසටහනට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය සැලසුම් කළ බවත් එය අප්‍රේල් මස අවසානයයේදී මෙහෙයුම සඳහා දින නියම කළ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව මෙම ප්‍රහාරය "ඔපරේෂන් රයිසින් ලයන්" ලෙස නම් කෙරූ බවත් මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයේ තර්ජනය මැඩපැවැත්වීම සඳහා ඉලක්ක කළ හමුදා මෙහෙයුමක් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරයන් පසු අදහස් දක්වමින් පැවසීය.

තවද මෑත මාසවලදී ඉරානය ආයුධ නිෂ්පාදනය කිරීමට පියවර ගත් බවත් එය නතර නොකළහොත් ඉතා කෙටි කාලයක් තුළ ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකි බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු චෝදනා කළේය.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දින කිහිපයක් තුළ ඉරානයට න්‍යෂ්ටික බෝම්බ නිපදවිය හැකි ප්‍රමාණවත් න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉරානය සතුව ඇති බවය.

කෙසේ වෙතත් ඉරානයට එල්ල වී ඇති මෙම න්‍යෂ්ටික අවි වැඩසටහන සම්බන්ධව සියලු චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර ගැන ට්‍රම්ප් කියු දේ

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහස් දක්වා තිබුණි.

එමගින් අමෙරිකානු ජනාධිපතිවරයා පැසවුවේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවය.

CNN පුවත් සේවයට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඊශ්‍රායලයට සහාය දෙන බවය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව අමෙරිකාව සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණු බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ නමුත් ප්‍රමාද වීමට පෙර න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව ඉරානය දැන් එකඟතාවට පැමිණිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදි පවසා තිබේ.

ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරානය ප්‍රංශය සහ අමෙරිකාවට අනතුරු අඟවයි

ටෙහෙරානයේ පළිගැනීමේ ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලයට උදව් නොකරන ලෙස ඉරානය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අනතුරු අඟවා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

එම රටවල් තුන ඊශ්‍රායලයයට සහාය දක්වන්නේ නම් කලාපයේ පිහිටි එම රටවල් තුනට අයත් නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට සූදානම් බවද ඉරානය අනතුරු අඟවා ඇත.

ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් නව දෙනෙකු ඊශ්‍රායලය ඝාතනය කරලා

ආන්දෝලනයට තුඩු දී ඇති මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල නැවැත්වීම සඳහා ඊශ්‍රායලය ටෙහෙරානයේ නටාන්ස් ඇතුළු න්‍යෂ්ටික මධ්‍යස්ථාන රැසකට ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් නව දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල හමුදා පැවසුවේ ඉරාන ජෙනරාල් කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ න්‍යෂ්ටික වැඩසටහනේ නායකයින් ඇතුළු 100කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ප්‍රහාර දියත් කළ බවය.

IRGC අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන තස්නිම් වාර්තා කළේ ප්‍රහාරවලින් න්‍යෂ්ටික විද්‍යාඥයින් හය දෙනෙකු ද මිය ගිය බවත්, ඔවුන්ගෙන් පස් දෙනෙකු නම් කර ඇති බවත්ය.

ඒ අනුව මෙම ප්‍රහාර හමුවේ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ හිටපු ප්‍රධානී ෆෙරෙයිඩූන් අබ්බාසි, ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහනට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කළ මොහොමඩ් මහ්ඩි ටෙහෙරාන්චි, ඉරානයේ ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු අංශයේ ප්‍රධානී අබ්දුල්හමිඩ් මිනූචෙර්, ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු මහාචාර්යවරයෙක් වන අහමඩ් රේසා සොල්ෆගාරි, ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ තවත් න්‍යෂ්ටික මහාචාර්යවරයෙකු වූ අමිර්හොසේන් ෆෙක්හි මිය ගිය බව මාධ්‍ය වාර්තා පළ විය.

ඉරානයේ හමුදා අණ දෙන නිලධාරීන් තිදෙනෙකුත් ඊශ්‍රායලය ඝාතනය කරයි

ඉරානය ඉලක්ක කළ මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ හමුදා අණ දෙන නිලධාරීන් තිදෙනෙකුද ඝාතනය කළ බව ඊශ්‍රායලය නිවේදනය කළේය.

ඒ අනුව ඉරානයේ සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) නායන හුසේන් සලාමි, සහ කටම් අල් -අන්ඛියා මධ්‍යම මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජනරාල් ගොලමලී රෂීඩ් මෙලෙස ඝාතනය කර ඇති බව වාර්තා විය.

ආන්දෝලනයට තුඩු දුන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කුමක්ද?

ඉරානය දිගු කලක් පුරාවට තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමි, සිවිල් අරමුණු සඳහා පමණක් බව සඳහන් කර තිබුණි.

දේශීය බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා සහ අපනයනය සඳහා වැඩි තෙල් ප්‍රමාණයක් නිදහස් කිරීම සඳහා අතිරේක න්‍යෂ්ටික බලාගාර ඉදිරි කිරීමටත් ඉරානය සැලසුම් කර තිබූ බවද සඳහන් විය.

න්‍යෂ්ටික බලාගාර සඳහා යුරේනියම් නම් ඉන්ධනයක් අවශ්‍ය වන අතර එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂන ආයතනයට අනුව න්‍යෂ්ටික අවි වැඩසටහනක් නොමැතිව ඉරානය දැනට කරන ආකාරයේ යුරේනියම් වෙනත් කිසිදු රටක නොමැත.

ඉරානය තම අභිප්‍රායන් පිළිබඳ සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් කටයුතු නොකරන බවට සැක මතු විය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ වූයේ කවදාද?

1957 දී අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග න්‍යෂ්ටික වැඩසටහනක් දියත් කළේය.

ඒ ඉරානයේ බටහිර හිතකාමී පාලකයෙකු වූ මොහොමඩ් රේසා පහ්ලවි ගේ පාලන සමයේදීය.

එහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉරානය 1970 කාලයේදී සිය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සංවර්ධනය කිරීම ආරම්භ කළ නමුත් 1979 ඉස්ලාමීය විප්ලවය අතර තුර මොහොමඩ් රේසා පහ්ලවි බලයෙන් පහ කරන විට අමෙරිකා එක්සත් ජනපදය එහි සහයෝගය ඉල්ලා අස් කර ගත්තේය.

පසුව ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පරිවර්ථනය වීමෙන් පසු බටහිර ජාතීන් කනස්සල්ලට පත්වූ අතර ඉරානය න්‍යෂ්ටික වැඩසටහන භාවිත කර ඉතා පොහොසත් යුරේනියම් භාවිතයෙන් පරමාණුක අවියක් නිෂ්පාදනය කළ හැකි බවටද සැක පළ කළේය.

කෙසේ නමුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරානය පැවසුවේ තමන් න්‍යෂ්ටික අවි තැනීමට උත්සාහ නොකරන බවය.

න්‍යෂ්ටික වැඩසටහන මතභේදාත්මක වූයේ ඇයි ?

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇති වූයේ එහි එහි යුරේනියම් වර්ධනය වීමත් සමගය.

යුරේනියම් යනු රසායනික සංකේතය U සහ පරමාණුක ක්‍රමාංකය 92 සහිත ස්වභාවිකව ඇති වන, බර, විකිරණශීලී ලෝහයකි. එය ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරකවල ඉන්ධනයක් ලෙස සහ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා ප්‍රසිද්ධය.

ස්වාභාවික යුරේනියම් බොහෝ දුරට යුරේනියම් - 238 - 99.3% ක් පමණ වන අතර න්‍යෂ්ටික බලශක්ති භාවිතය සඳහා ප්‍රයෝජනවත් යුරේනියම් - 235 කුඩා ප්‍රමාණයක් සාන්ද්‍රණය කළ යුතුය.

මෙය සිදු කිරීම සඳහා, යුරේනියම් පළමුව වායුවක් බවට පත් කරනු ලබන අතර, පසුව කේන්ද්‍රාපසාරී ලෙස හඳුන්වන යන්ත්‍රවල අධික වේගයෙන් භ්‍රමණය වන කරනු ලැබේ. එමෙන්ම මෙම යන්ත්‍ර මගින් යුරේනියම්-235 වඩාත් සුලභ යුරේනියම්-238 න් වෙන් කිරීමටද උපකාරී වේ.

න්‍යෂ්ටික බලාගාරවල භාවිතා කරන යුරේනියම් සාමාන්‍යයෙන් 3.67% දක්වා පොහොසත් කරනු ලබන අතර න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට නම් එය 90% දක්වා පොහොසත් කළ යුතුය.

ඉරානය යුරේනියම් 60% දක්වා පොහොසත් කර ඇති අතර න්‍යෂ්ටික අවියක් සෑදීමට එය ප්‍රමාණවත් නොවේ. නමුත් එය ආයුධ ශ්‍රේණියේ ද්‍රව්‍ය වෙත සමීප වීමේ ප්‍රධාන පියවරක් බවද සඳහන් වේ.

මේ අතර 2000 දශකයේ මුල් භාගයේදී ජාත්‍යන්තර පරීක්ෂකයින් නිවේදනය කළේ නටාන්ස් හී ඉරාන කම්හලකින් අධික ලෙස පොහොසත් යුරේනියම් හමුවූ බවය.

2006දී ඉරානය එම වැඩසටහන නැවත ආරම්භ කරන ලද්දේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග ඇතිකරගත් ගිවිසුම යටතේ එයට අවසර දී ඇති බව අවධාරණය කරමින් වන අතර එය ඉරානයට එරෙහිව වසර ගණනාවක් ජාත්‍යන්තර සම්බාධක පැනවිමටද හේතු විය.

වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව, 2015 දී ඉරානය සහ ලෝක බලවතුන් හය දෙනෙකු සැහැල්ලු සම්බාධක සඳහා ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සීමා කරන න්‍යෂ්ටික ගිවිසුමකට එකඟ විය.

මෙම ගිවිසුමට අනුව ඉරානයට යුරේනියම් පොහොසත් කිරීමේ මට්ටම් 20% සිට 3.67% දක්වා අඩු කිරීමටත්, යුරේනියම් තොගය අඩු කිරීමටත්, කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමටත් අවශ්‍ය විය.

ඉරානය සතුව න්‍යෂ්ටික අවි ?

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සෑදිමට කොතරම් සමීප විය හැකිද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති නමුත් එහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන අධික ලෙස පොහොසත් යුරේනියම් නිෂ්පාදනය කිරීමේදි එය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව වාර්තා වේ.

2018 දී ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී එහි ආර්ථිකය අඩපණ කිරීම සඳහා පාලන තන්ත්‍රයට නව සම්බාධක පැනවීය.

ඉන්පසු බයිඩන් පරිපාලනය ඉරානය සමඟ ගිවිසුම නැවත පණ ගැන්වීමේ අරමුණින් වසරකට වැඩි කාලයක් වක්‍ර සාකච්ඡා ආරම්භ කළ නමුත් 2022 දී ඒවා බිඳ වැටුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්