header logo
SLIC
විශේෂාංග
ඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්
Jun 17, 202507:54 PM
ඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්
EDEX

ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.

මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බැව ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යෑමට අපේක්ෂාවෙන් (Re-entry) මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් හට ද මෙය අදාල වන බව අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වේ.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ (PIBA) දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරනු ලබන බැව ද අමාතයාංශය වැඩිදුරටත් දන්වා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට