header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
අධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම ගැන ඔබ දැනුවත්ද ?
Feb 23, 202501:26 PM
අධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම ගැන ඔබ දැනුවත්ද ?
Mobitel 1278

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කාලගුණ විපර්යාස සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ කමිටුව විසින් පසුගියදා සංවිධානය කළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින අධික උෂ්ණත්වය හමුවේ ශරීරයේ ඇති ජලය ශරීරයෙන් බැහැර වන බැවින් හැකිතාක් ජලය පානය කිරීම සුදුසු බවය.

එමෙන්ම අධික උෂ්ණත්වය හමුවේ විවිධ ආබාධ ඇති විය හැකි බවත් විෂේශයෙන් ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් මේ සම්බන්ධව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසයි.

අධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම

අධික උණුසුම හේතුවෙන් ශරීරයට ඇතිවන බලපෑම විජලනය ලෙස හඳුන්වනු ලබයි.

එහිදී උෂ්ණත්වය වැඩි වන විට ශරීරයට දහඩිය දැමීම, ජලය ශරීරයෙන් බැහැරවීම සිදුවිය හැකි අතර උෂ්ණත්වය වැඩි වාතාරණයක් හමුවේ සමෙහි පවතින ජලය අඩු වීමක්ද දක්නට ලැබෙනු ඇත.

අධික උණුසුම හමුවේ ශරීරයෙන් අඩුවන ජලය සහ මේ තත්ත්වය ඇති වූ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සම්බන්ධව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා පැවසුවේ හැකි තාක් ජලය පානය මෙන්ම සෙවන ඇති ස්ථානයකට ගමන් කළ යුතු බවත් ය.

"මේක පොඩි ප්‍රමාණයක් සිදුවීම ශරීරයට දරාගන්න පුළුවන්. නමුත් වැඩි වශයෙන් සිද්ධ වෙනවානම් ඒක ශරීරයට දරාගන්න අපහසු වෙනවා. එවැනි අවස්ථාවක ශරීරයට අපහසුතාවයන් දැනෙන්න පටන් ගන්නවා. මේකෙදි මුලින්ම වෙන්නේ ශරීරය දුර්වලගතියක් දැනෙන් පුළුවන්, වමනයට යන ගතියක් ඇතිවෙන්න පුළුවන්, සමහරවිට ක්ලාන්ත ගතියක් ඇතිවෙන්න පුළුවන්. එතකොට මෙවැනි වාතාවරණයක් ඇති වුණොත් මෙවැනි වාතාවරණයක් එක්ක අපි සෙවන තියන ස්ථානයකට ගිහින් වැඩිපුර තරල වර්ග පානය කිරීම සුදුසු වෙනවා අපේ විජලන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා."

එමෙන්ම විජලන තත්ත්වයක් ඇති වූ විට එය නොතකා ජලය පානය නොකිරීමෙන් ඇතිවන බලපෑම සම්බන්ධවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර එහිදී ඔහු පැවසුවේ මේ හේතුවෙන් භයානක තත්ත්වයන් නිර්මාණය විය හැකි බවය.

"මේක ඉතාමත් භයානක තත්ත්වයකට යනවා. ඒකට අපි කියනවා හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් කියලා. එහෙම තත්ත්වයකදි යම් කිසි කෙනෙක්ට සිහි නැතිවීම් පවා ඇතිවෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක භයානක තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. මේක සිදුවන්නේ කළාතුරකින් නමුත් ඒක සිදුවෙන්න පුළුවන් මේ තියන අධික උෂ්ණත්වයත් එක්ක."

උණුසුම් තත්ත්වයෙන් ඇතිවන ආබාධ

අධික උණුසුම් තත්ත්වයත් සමග මිනිස් ශරීරයට විවිධ ආබාධ ඇති කරවිය හැකිය.

එම ආබාධ වැඩි වශයෙන් බලපානු ලබන්නේ කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ ඉතා වැඩිහිටි වයස් කාණ්ඩ වෙතය.

මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයා අදහස් දක්වමින් පැවසුවේ වයසක පුද්ගලයින් විවිධ රෝගාබාවලට මුහුණ දෙමින් සිටින අතර ඔවුන්ගේ එම රෝගාබාධයන් හේතුවෙන් ඇතිවන සංකූලතා මෙම විජලන තත්ත්වය හරහා වැඩිවීමේ අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට මුහුණ දී සිටින එම පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් වැඩිහිටි පුද්ගලයින් තමන්ගේ ශරීරයේ පවතින තරල තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමත් එසේත් නැතිනම් විජලනයෙන් වැලකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වනු ඇත.

එසේ නොවුන හොත් ඔවුන් සතුව ඇති රෝගාබාධවලට අදාළ සංකූලතා තවදුරටත් ඉහළ යා හැකි බවත් හෘදයාබාද සහ අංශබාග වැනි රෝගාබාධ ඇතිවීමේ අවදානමද ඉහළ බවත් වෛද්‍යවරයා පවසයි.

එමෙන්ම විජලන තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි තවත් රොගාබාධයක් වනුයේ මලබද්ධ රෝගී තත්ත්වයයි.

විශේෂයෙන් මෙම රෝගී තත්ත්වයට වැඩිහිටි පුද්ගලයින් බහුලව මුහුණ දීමට සිදුවිය හැකි අතර මුත්‍රා ආසාදන වැනි තත්ත්වයන්ට මුහුණ දීමටද සිදුවිය හැකිය.

අධික උෂ්ණත්වය හේතුවෙන් පරිසරයේ වෙනස් වීම

අධික උණුසුම හමුවේ සිදුවන තවත් සිදුවීමක් වනුයේ පරිසරයේ ඇතිවන විවිධ වෙනස්කම් ය.

මේ හේතුවෙන් පරිසර දූෂණය ඉහළ යාම, විශබීජ වැඩිවීම මෙන්ම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් ආහාර නරක්වීමද සිදුවන අතර එමගින් ආහාර විෂවීමේ තත්ත්වයන්ද වැඩි විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

මේ අය විජලනයට පත්වීමේ අවදානම වැඩියි

විජලනයට මුහුණ දීමේ වැඩි සම්භාවිතාවක් සිදුවිය හැකි වයස් කාණ්ඩ සම්බන්ධවද විශේෂඥ වෛද්‍යවරයා අදහස් දැක්වීය.

එහිදී ඔහු පැවසුවේ කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් මෙම විජලන තත්ත්වයට මුහුණ දීමේ වැඩි අවදානමක පසුවන බවය.

මීට අමතරව වැඩි වේලාවක් එළිමහන් කටයුතුවල නිරතවන පුද්ගලයින් මෙන්ම මේ දිනවල පාසල් ආශ්‍රිතව පවතින ක්‍රීඩා තරගවලට යොමු වී සිටින සිසු දරු දැරියන් ද මෙම විජලන තත්ත්වයට මුහුණ දීමේ අවදානමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් සිසු දරුවන් ද මෙම විජලන තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ගේද වගකීමක් වන බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

ගර්භණී කාන්තාවනුත් ඉතා පරිස්සමින්

මෙම උණුසුම් කාලගුණය හමුවේ ගර්භණී කාන්තාවන්ද ඉතා පරිස්සම් විය යුතු වේ.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙම කාලය තුළ ගර්භණී කාන්තාවක් පානය කළ යුතු තරල ප්‍රමාණය සාමාන්‍ය මිනිසෙකු පානය කරන ප්‍රමාණයට වඩා වැඩි විය යුතු බවය.

එමෙන්ම අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකීමද ඉතා වැදගත් වන බවද ඔහු පැවසීය.

අඳින ඇදුමත් බොන බීමත් ඉතා වැදගත්

විශේෂයෙන් පවතින වියලි කාලගුණය සහ අධික උෂ්ණාධික තත්ත්වයත් සමග පැළඳිය යුතු ඇඳුම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

එහිදී තද පැහැති ඇඳුම් ඇඳිම හැකිතාක් අවම කර සැහැල්ලු සුදු පැහැති ඇඳුම් හෝ ලා පැහැති ඇඳුම් හැඳිම සුදු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම මෙම කාලගුණය හමුවේ බොහෝ පිරිස් දියර වර්ග පානය සඳහා නැඹුරු වීමේදී පානීය ජලය වෙනුවට පැණි බීම, සහ නොයෙකුත් දියර වර්ග පානය සඳහා නැඹුරු වී ඇති අයුරුද දක්නට ලැබේ.

විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙම කාලගුණය හමුවේ එවැනි පැණි බීම පානය කිරීම ඉතා නුසුදුසු ක්‍රියාවක් වනු ඇති බවය.

"මෙතනදි මේ තරල පානය කිරීම මොකක්ද කියලාත් අපි පැහැදිළි කරගත යුතුයි. විශේෂයෙන්ම මේකෙදි අපි ගන්න ඕනේ වතුර සහ වෙනත් ලවන සහිත දියර. ඒ කියන්නේ තැඹිලි, කුරුම්බා එහෙමත් නැතිනම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක ජීවනි වගේ.

එහෙම නැතිව පැණි බීම ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේමයි බිග් මැච් කාලයට අපි දකිනවා මේවාට සහභාගී වන අය මත්පැන් බොනවා. මේකත් එක්කත් ඇඟෙන් වතුර වැඩියෙන් ඉවත් වෙනවා. මේ තත්ත්වයත් එක්ක විජලනය වීමේ අවදානම තවත් වැඩියි. "

අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් හෝ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඇතිවන සංකූලතා අතර අධික දහඩිය දැමීම, අධික වෙහෙස, වමනය ගතිය මෙන්ම ක්ලාන්ත තත්ත්වයන් දැකිය හැකි අතර එම තත්ත්වයන් තුළදී වහාම සෙවන ඇති ස්ථානයකට ගොස් දියර වර්ග පානය කිරීම සිදුකළ යුතු වේ.

කෙසේ නමුත් දියර වර්ග පානය කිරීමෙන් පසු හෝ මෙම තත්ත්වයන් පහව යාමක් සිදු නොවන්නේ නම් වහාම රෝහල්ගත වීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

එසේ නොවුන හොත් ඉදිරි පැය 2-3ක කාලය තුළ හීට් ස්ට්‍රෝක් තත්ත්වයට පත් වීමේ හැකියාව පවතින බවත් එය ඉතාමත් භයානක තත්ත්වයක්ද වනු ඇති බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ