header logo
SLIC
විශේෂාංග
දිවයිනේ ලොකුම වෙසක් දන්සල මෙවරත් දෙරණෙන්
May 11, 202507:26 PM
දිවයිනේ ලොකුම වෙසක් දන්සල මෙවරත් දෙරණෙන්
EDEX

දෙරණ මාධ්‍ය ජාලය සංවිධාන කරන ''විසි හතර පැය පුරා පවත්වන ශ්‍රී ලංකාවේ ලොකුම වෙසක් දන්සල'' දෙවැනි වරටත් මෙවර කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී පැවැත් වේ.

හෙට (12) වෙසක් පොහෝ දිනයේ පස්වරු 7ට දන්සල ආරම්භ විමට නියමිතය.

මෙම මහා දන්සල සඳහා ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව දෙරණ සමඟ අත්වැල් බැඳගෙන සිටියි.

පසුගිය වසරේ වෙසක් පොහොය වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය පළමු වරට සංවිධාන කළ ''ශ්‍රී ලංකාවේ ලොකුම වෙසක් දන්සල'' පැය 24ක් පුරා අඛණ්ඩව සාර්ථකව ක්‍රියාත්මක විය.

කිලෝමීටර් ගණන් දිගු පෝලිම්වල රැඳී සිටි අතිවිශාල ජනකායකට එහිදී මෙම බත් දන්සලෙන් රසවත් ආහාර වේලක් භුක්ති විඳිමට අවස්ථාව සැලසුනි.

ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව, දෙරණ මාධ්‍ය ජාලය සමඟ අත්වැල් බැඳ ගනිමින් එවර දන්සල සාර්ථකව පැවැත්වූ අයුරින්ම මෙවරත් ශ්‍රී ලංකාවේ ලොකුම වෙසක් දන්සල සංවිධාන වේ.

මේවන විටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඒ වෙනුවෙන් සියලු කටයුතු යුහුසුළුව සූදානම් කෙරෙමින් පවති.

පැය 24 පුරා අඛණ්ඩව පවත්වන මෙම මහා බත් දන්සල හෙට දිනයේ පස්වරු 7.00 ට ආරම්භ වී මැයි 13 වනදා පස්වරු 7.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට