header logo
SLIC
විශේෂාංග
හෝමූස් වසාදැමීමේ තීරණය සහ අනාගතය
Jun 22, 202511:22 PM
හෝමූස් වසාදැමීමේ තීරණය සහ අනාගතය
EDEX

අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව අද (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඉරානයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී තිබේ.

අරාබිය, ආසියානු රටවලට සිය තෙල් බෙදාහරිනු ලබන්නේ මෙම හෝමුස් සන්ධිය හරහාය.

මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වන අතර, එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටය.

ඒ අනුව මැද පෙරදිග කලාපයේ මිලියන ගණනින් නිෂ්පාදනය කරන තෙල් රැගෙන යන්න වෙන්නේ මේ හරහාය.

ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වෙනියා වන අතර, ඔවුන් දිනකට බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබයි.

කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් 9%ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට 30%ක වෙළෙඳ බලයක් හිමිව තිබේ.

ඔවුන්ට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය නිසාය.

https://youtu.be/m_qu-NXUfh8
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට