header logo
SLIC
විශේෂාංග
දෙරණ 24 පැයේ මහා බත් දන්සල අවසන් කෙරේ
May 13, 202507:24 PM
දෙරණ 24 පැයේ මහා බත් දන්සල අවසන් කෙරේ
EDEX

ටීවී දෙරණ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල අද (13) පස්වරු 7ට අවසන් කෙරුණි.

දන්සල ආරම්භ වූ මොහොතේ සිට දිවයිනේ නන් දෙසින් ආ 35,000කට අධික පිරිසකට ගෙවුණු පැය 24 තුළ දන්සලෙන් රසවත් හා පිරිසිඳු ආහාර ලබාගැනීමට අවස්ථාව උදාවුණි.

වෙසක් පොහොය නිමිති කරගනිමින් TV දෙරණ දෙවැනි වරටත් සංවිධාන කළ ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී ඊයේ (12) පස්වරු 7 ට ආරම්භ විය.

පැය 24ක් පුරා අඛණ්ඩව පැවති මහා බත් දන්සල විවෘත කෙරුණේ දෙරණ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ආරාධිතයින් රැසක්ද එක්විය.

දන්සැලට එක්වීමේ බලාපොරොත්තුවෙන් ඊයේ පස්වරු එකේ සිට ජනතාව පෝලිම්වලට එක්ව සිටි අතර රාත්‍රිය පුරා අතිවිශාල ජනකායක් ඊට පැමිණියේය.

ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය , කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් හමුදාව සහ රාජ්‍ය ආයතන මේ සඳහා දෙරණ සමඟ අත්වැල් බැඳගත්තේය.

දන්සැලට සමගාමීව තේ දන්සැලක් සහ අයිස් ක්‍රීම් දන්සලක්ද පැවැත්වුණි.

අද උදෑසන අධික වර්ෂාව මධ්‍යයේ පවා දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව දන්සැලට පැමිණියේය.

දන්සලට අති විශාල ජනකායක් පැමිණීම නිසා අද දහවල් වනවිටත් කොළඹ නිදහස් මාවත ඔස්සේ දිගු පෝලිම් නිර්මාණය වී තිබුණි.

අද පස්වරුව වන විටත් අති විශාල ජනකායක් දිගු පෝලිම්වල රැඳීසිටියේ දෙරණ දන්සලට පැමිණ ආහාර වේලක් රසවිඳීමේ අපේක්ෂාවෙනි.

https://youtu.be/cNpsJGCJu5E
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට