header logo
SLIC
විශේෂාංග
නවසීලන්තයේ දී දිවියෙන් සමුගත් කැලණිය සරසවියේ තරුණ කථිකාචාර්යවරයා
Mar 30, 202506:38 PM
නවසීලන්තයේ දී දිවියෙන් සමුගත් කැලණිය සරසවියේ තරුණ කථිකාචාර්යවරයා
EDEX

ඉතාමත් අවාසනාවන්ත අන්දමින් මසක් ඇතුලත කැලණිය සරසවියට දරාගත නොහැකි ලෙස ආචාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු අහිමි වී තිබේ.

ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාගේ හදිසි අභාවයි.

ඊයේ (29) දිනයේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තරුණ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතා දිවියෙන් සමුගෙන ඇත.

36 හැවිරිදි රුසිරු මහතා සිය ආචාර්ය උපාධියේ අධ්‍යන කටයුතු නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරමින් සිටින අතරතුර දී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දී ඇති බව ඔහුගේ මිත්‍රයෙකු සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබේ.

එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය 18 වනදා රාත්‍රියේදීය.

ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමඟ යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීය.

මියයන විට ඒ මහතා එලෙස 46 වන වියේ පසුවුණි.

එම අනතුරින් ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරාද මියගියේය.

මේ අතර, පසුගිය 21 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධන මහත්මිය සිය දියෙන් සමුගෙන තිබුණි.

59 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියගේ හසිදි අභාවය කැලණිය සරසවියට දරාගත නොහැකි වියෝවකි.

දින කිහිපයක් ඇතුලත මෙලෙස ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුගේ හදිසි සමුගැනීම කැලණිය සරසවියට පමණක් නොව මුළු මහත් ජාතියටම සිදුවු පියවිය නොහැකි පාඩුවකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට