
කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඒ අදාළ භූමියේ සිටින හිමිවරුන් විසින් සවිකර තිබූ පුවරු කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට උත්හාහ ගැනීමත් සමගය.
එහිදී සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අසලට පැමිණි විහාර මහාදේවි උද්යාන බාර නිලධාරීන් සත්යග්රහයේ නිතර හිමිවරුන්ට දැනුම්දී ඇත්තේ අදාළ පුවරු ඉවත් කරගන්නා ලෙසත් එසේ නැතහොත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසත්ය.
එසේ නොවන්නේ නම් අදාළ පුවරු ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවනු ඇති බවද ඔවුන් සත්යග්රහයේ නිරත හිමිවරුන්ට දැනුම්දී තිබේ.
එහිදී සත්යග්රහ භූමියේ සිටින හිමිවරුන් මීට විරුද්ධ වීමත් සමග දෙපාර්ශ්වය අතර මෙම මත ගැටුම් හටගෙන ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙහිදී උද්යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් ගලවා දැමීමට පියවර ගත්තාද එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස් ඒවා යළි සවිකිරීමට පියවර ගෙන තිබිණි.



















































