header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන පැහැදිලි කිරීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැන පැහැදිලි කිරීමක්
Mobitel 1278

විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට දැනටමත් ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්‍රයක් පවතින්නේ නම්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම බලපත්‍රය භාවිත කරමින් කිසිදු බාධාවකින් තොරව නීත්‍යානුකූලව වාහන ධාවනය කිරීමට හැකියාව පවතින බවය.

එමෙන්ම විදේශගතව සිටින අවස්ථාවකදී යම් ශ්‍රී ලාංකිකයෙකු සිය ලංකාවේ රියදුරු බලපත්‍රය අදාළ විදේශ රටට භාරදී එම රටේ රියදුරු බලපත්‍රයක් ලබාගෙන තිබේ නම්, නැවත මෙරටට පැමිණි පසු අදාළ ලේඛන ඉදිරිපත් කර රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

යම් හෙයකින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ මෙරට රියදුරු බලපත්‍රය නැතිවී ඇත්නම්, සාමාන්‍ය ක්‍රමවේදයට අනුව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්‍රයක් සකස් කරගැනීමට අවස්ථාව සැලසෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලාංකික පුරවැසියන්ට අනවශ්‍ය ලෙස අමතර මුදල් වියදම් කිරීමකින් තොරව තමන්ගේ නීත්‍යානුකූල පුරවැසි අයිතිය යටතේ රියදුරු බලපත්‍ර පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්‍රයක් තිබෙනවා නම්, ඔවුන් මෙරටට පැමිණි පසු කිසිදු බාධාවකින් තොරව එම බලපත්‍රයෙන් වාහන ධාවනය කරන්න පුළුවන්. දෙවැන්න, ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශගතව සිටින විට එම රටේ රියදුරු බලපත්‍රය ලබාගැනීමට ලංකාවේ බලපත්‍රය එරටට භාරදී තිබේ නම්, නැවත මෙරටට පැමිණි පසු අදාළ ලේඛන ඉදිරිපත් කර සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මෙරට බලපත්‍රයක් ලබාගන්න පුළුවන්. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ ලංකාවේ රියදුරු බලපත්‍රය නැතිවී තිබේ නම්, සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් නැතිවූ විට සිදුකරන ආකාරයට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්‍රයක් සාදාගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ෆින්ලන්තයේ, කුවේට් හි හෝ වෙනත් ඕනෑම රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙකුට අදාළ ලේඛන ඉදිරිපත් කර ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මෙරට රියදුරු බලපත්‍ර පහසුකම් ලබාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස අමතර මුදල් ගෙවන්න ඕන නැහැ, තමන්ගේ ශ්‍රී ලාංකික පුරවැසි අයිතියෙන්ම නීත්‍යානුකූලව වාහන ධාවනය කරන්න පුළුවන්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි