header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි
රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි
Mobitel 1278

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් තරම් රුපියල් පවතින බව අනුර කුමාර දිසානායක මහතා කීය.

කෙසේවෙතත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

භාණ්ඩාගාරයට ලැබෙන ධනය පහළට රැගෙනයාම රාජ්‍ය සේවය විසින් සිදු කළ යුතුය.

ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වත්මන් ආණ්ඩුව එය දැඩි ලෙස විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

කෙසේවෙතත් මෙරට රාජ්‍ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්‍ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙයි.

එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්‍යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

2028 වසරේදී දීමනා ලබාදීම සම්බන්ධයෙන් විශාල ලෙස අවධානය යොමු කරන බවත් එම වසරේදී මූලික වැටුප වැඩි නොවන බවත් ඒ මහතා කීය.

කෙසේවෙතත් රාජ්‍ය සේවය තුළ රඳවාගැනීමට අත්‍යාවශ්‍ය දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.

කෙසේවෙතත් වෘත්තීමය රාජ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එබැවින් ඇතැම් රාජ්‍ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කර ඇති අතර මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

"හැබැයි සිද්ධ වෙලා තියෙන දේ තමයි අපි වෘත්තීමය රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩුකම් තියෙන ගමන් පහුගිය කාලයේ දේශපාලන පත්වීම් නිසා විශාල ලෙස පහළ පිරිලා තියෙනවා.

ඒ නිසා අපිට පොඩි තීන්දුවක් ගත්තා. එය රාජ්‍ය  සේවය අත්‍යවශ්‍යයි. හැබැයි සේවය ලබා දීම සඳහා  අපි දරන වැය බර වැඩියි. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්‍යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි? සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා.

එදා තිබුණු අවශ්‍යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්‍ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාභද? වෘත්තීයවේදීන් කොහොමද නේද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්‍ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි