
ශ්රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්වී බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත් පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ක්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.
ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය අතර ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.


















































